IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පිළිකා මර්දනයට තක්කාලි යුෂ

දිනකට තක්කාලි යුෂ විදුරැවක් පානය කිරීම මගින් පියවුරු පිළිකා වලින් වැළකි සිටිමට හැකිබව පර්යේෂකයන් පිරිසක් තහවුරු කැර ඇත. කාන්තාවන්  තම ආහාරයට ගන්නා තක්කාලි ප්‍රමාණය වැඩි කිරීම මගින් ද මෙම රෝගයෙන් ආරක්ෂා වීමට හැකි හෝර්මෝනයක් ඔවුන්ගේ ශරීරයේ නිපදවෙන බව සොයාගෙන ඇත. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ තක්කාලි වැඩි ප්‍රමාණයක් ආහාරයට එක්කර ගැනීම  හෝ ඒවා අනුසාරයෙන් සාදා ගන්නා ආහාර කෑමට එක්කර ගැනිම මගින් පියවුරු පිළිකාවලින් වැළකී සිටිය හැකි බවට පැහැදිලි සාක්ෂි ලැබී ඇති බවයි.  

ඔවුන් තවදුරටත් පවසන්නේ ස්ත්‍රීනට මෙම තත්වයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය තක්කාලි ප්‍රමාණය පහසුවෙන් පරිභෝජනය කළ හැකි බවයි. තක්කාලි යුෂ එක් වීදුරැවක් තම ආහාරයට එක්කර ගැනීම මගින් ලයිකොපෙනේ නම් ශාඛ රසායනිකය සිරුරට ඇතුළුවන බවත් එමගින් පිළිකා මර්ධන ශක්තිය ලබාදෙන බවත් පර්යේෂකයෝ කියති.

ලයිකොපෙනේ හොඳින් ඉඳුණු රතුපැහැ තක්කාලි වල අඩංගුවේ. එමගින් පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා තත්වය මර්ධනය කළ හැකි බව ද සොයාගෙන ඇත. තක්කාලි යුෂ පානයට ගැනීමට අකමැති අයට ඒවායින් සෑදු සුප් හෝ සෝස් මගින් අවශ්‍ය රැකවරණය ලබා ගැනීමට හැකියාව ඇත.

නිව් ජර්සි හි රැටිජර්ස් සරසවියේ පර්යේෂකයන් වයස 55 ඉක්මවු කාන්තාවන් 70 දෙනෙකු මේ පර්යේෂණය සදහා යොදාගෙන ඇත. ඔවුන්‍ සාමාන්‍ය පරිදි තක්කාලි අනුභව කරන අවස්ථාවක දී හා තක්කාලි අනුභව කරන ප්‍රමාණය වැඩිකැර සති දහයක් යනතුරු මැන බැලීම් සිදුකැර තිබේ. පරීක්ෂණයට සහභාගී වූ කාන්තාවන් සියළු දෙනා අධික බරෙන් යුතු හා පියයුරු පිළිකා සමග කිට්ටු සබදතා සබඳතා පැවති අය විම ද විශේෂත්වයකි. ඔවුන් දිනකට ලබාදුන් තක්කාලි යුෂ වීදුරැවේ අඩංගුව තිබු ලයිකොපෙනේ ප්‍රමාණය මගින් ඇඩිපොනෙක්ටින් නැමැති හෝර්මෝනයේ ප්‍රමාණය සියයට නමයකින් ඉහළ ගිය බව පර්යේෂකයන් තහවුරු කැරගෙන ඇත. ඇඩිපොනෙක්ටින් නැමැති හෝර්මෝනය මේදය මට්ටම පාලනය හා පියවුරැ පිළිකා මර්ධනය කිරීමට සමත්වන්නකි. මෙම හෝර්මෝන වල මට්ටම සිහින් සිරැරක් ඇති කාන්තාවන්ගේ ඉහළ අගයක තිබේ. පර්යේෂක අදනා ලනොස් පැවසුවේ මෙම ප්‍රථිපලයන් මගින් පෙන්නුම කළේ තරබාරැකමින් වැළකී සිටීමේ හැකියාව බවයි.

කලින් කරන ලද පර්යේෂන මගින් ද ලයිකොපේන් මගින් පියවුරු පිළිකා ඇති කරණු ලබන සෛල වැඩිම හා ව්‍යාප්තිය නැවැත්වු බව සොයාගෙන තිබිනි.

තක්කාලි ඉහත කී සංයෝගය වැඩිම මුලාශ්‍රය වුවත් පේර, පත්තක්කා, ගස්ලබු සහ මිදි වලද ස්වල්ප වශයෙන් ලයිකොපේන් අඩංගුවේ. එම අහාර ද සිය කෑම වේලට එක්කැර ගැනීමෙන් ‍අපේක්ෂිත ප්‍රතිඵල අතකැරගත හැකි වුව ද තක්කාලි වලින් තරම් කඩිනමින් එය කරගත නොහැකි බව ද පර්යේෂකයන් පෙන්වා දී ඇත.

 



අදහස් (0)

පිළිකා මර්දනයට තක්කාලි යුෂ

ලක්මන් ජයවර්ධන Saturday, 28 December 2013 02:20 PM

තක්කාලි හොඳයි.තක්කාලිගෙඩිය වගේ ඉන්න පුළුවන්.(අ)

:       0       0

කුමාර් Saturday, 28 December 2013 04:00 PM

වැඩිපුරම පලිබෝධ නාශක ගහන එළවළුවක් තමයි තක්කාලි, ඉතින් ඒ විස වලින් එන පිළිකා හා වකුගඩු රෝගවලට මොකද කරන්නේ. තක්කාලි ඕන නම් ගෙවත්තේ වගාකරගෙන ඕනෑතරම් කන්න බොන්න.(අ)

:       0       0

මෙන්ඩිස් Friday, 27 December 2013 03:33 PM

දැන් ඉතින් අපේ කට්ටිය හැමදාම තක්කාලි බොන්න යන්න එපා. නැති පිළිකා වලින් වළකින්න ගිහිං අන්තිමේ ගෑස්ට්‍රයිටිස් හදාගන්නයි වෙන්නේ. (ස)

:       0       0

ජීවක Saturday, 28 December 2013 02:54 AM

වස විස සහිත තක්කලිද? (අ)

:       0       0

ෂේන් Saturday, 28 December 2013 03:13 AM

මේක බහුජාතික කොම්පැනිවල ප්‍රචාරයක් වෙන්න පුළුවන් බෝතල් කරපු යුෂ විකුනන්න. මතකද ලංකාවේ පොල්තෙල් වල කොලොස්ටරෝල් තියනවා කියල එළවලු තෙල් ලංකාවේ වෙළඳපොළට අපු හැටි. අවබෝදයෙන් කටයුතු කරන්න. අමු තක්කාලි කෑම ගුණයි. තක්කාලි ගෙවත්තේ වවාගන්න පුළුවන් ශාකයක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site