IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


පිළිකා නැසීමට වල්බෙරි

උතුරු ඇමරිකාව නිජබිම කරගත් වල් බෙරි මගින් පිළිකා සුවකළ හැකියැයි පර්යේෂකයෝ කියති.

පර්යේෂණය සිදුකළ විද්‍යාඥයින් යෝජනා කරන්නේ පිළිකාවලට ගන්නා ඖෂධීය ප්‍රතිකාරකවලට වල්බෙරි මිශ්‍රකළ විට පිළිකා සෛල නසාලීමට වැඩිවශයෙන් හේතුවන බවයි.

මේ සම්බන්ධ අදහස් දක්වන ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ රසායනාගරවල වර්ධනය කරන පිළිකා සෛල පමණක් යොදාගෙන කරන ලද පර්යේෂණයක් බැවින් එය එකවිටම පිළිගත නොහැකි කරුණක් බවයි. බ්‍රිතාන්‍යයේ පිලිකා පර්යේෂකයන් පවසන්නේ වල්බෙරිවල පිළිකා සෛල විනාශකිරීමට ඇති හැකියාව සොයා බැලීමට විශේෂයෙන් මිනිසුන් යොදා ගනිමින් අත්හදාබැලීම් කිරීම අවශ්‍ය බවයි.

සවුත්ඇම්ප්ටන් විශ්ව විද්‍යාලයේ සහ ලන්ඩන් හි කිං කොලෙජ් රෝහලේ පර්යේෂකයන් වල්බෙරිවල සාරය අග්න්‍යාශයික පිළිකා සෛල සමග පරික්ෂාවට භාජනය කර තිබේ.

අග්න්‍යාශයික පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට අපහසු බවත් සාමන්‍යයෙන් එවැනි පිළිකාවක් හඳුනාගැනීමෙන් පසු රෝගියා ජීවත් වන්නේ  මාස හයක් පමණ බවත් විශේෂඥ මතයයි.

කෙසේ වෙතත් මෙම අධ්‍යනයේ ප්‍රධානි වන සවුත්ඇම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  බසීර් එල්. වලීඩ් පවසන්න් පිළිකා ප්‍රතිකාරක සමග වල්බෙරි එක්ව ක්‍රියාකරණ්නේ කෙසේද යන්න සොයා බැලීමට තවත් පර්යේෂණ අවශ්‍ය බවයි.

එම පර්යේෂණ කටයුතු සඳහා මලයාසියා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය සරණ අරමුදල අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කැර ඇත.



අදහස් (0)

පිළිකා නැසීමට වල්බෙරි

ඉසුරන්දි Saturday, 20 September 2014 05:32 AM

ඉක්මනට ඕව වෙළද පොලට එවන්න මේ කාලකන්නි ලෙඩ නැති කරන්න. (අ)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Saturday, 04 October 2014 08:39 AM

වල් බෙරි කියන්නේ වයිල්ඩ් බෙරි වලටම තමයි මම හිතන්නේ. (නදී)

:       0       0

සිල්වා Saturday, 20 September 2014 09:19 AM

බේරී වර්ග ගොඩක් තියෙනවා. බ්ලැක් බේරී ,බලු බේරී, රාස් බේරී, ස්ටෝබෙරි ,රෙඩ් කරන්ට්, බ්ලැක් කරන්ට්, ප්ර්හිසලි ,චෙර්යි, වයිල් බේරී මෙවැනි ආකරයෙන් බේරී පවුලට එකතුවෙන තව පලතුරු තියෙනවා යුරෝපෙයේ සහ කැනඩාව ඇමරිකාව යන රට වල විශේෂයෙන් දැක ගත හැක. ලෝකේ ලස්සනම පළතුර ස්ටෝබෙරි වේ. රසම පළතුර අඹ ආසියාවෙන් ලබා දේ. (නදී)

:       0       0

සිතු Sunday, 21 September 2014 07:56 AM

ඉසුරන්දි, කටු ආත්තා පිලිකා සෛල විනාශ කරනවා. (නදී)

:       0       0

චමින්ද Saturday, 20 September 2014 01:42 AM

මම කාලා තියෙනවා "බ්ලැක් බෙරි" කියන පළතුර.හරිම රහයි.මිලත් ටිකක් වැඩියි.මම හිතන්නේ නම් දෙකකින් හැඳින්වූවාට එකම ජාතිය වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 599 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 814 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 345 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site