නයිජීරියාවේ ගිනිකොන දිග නගරයක් වු පොටිස්කම් හි පාසැලක උදෑසන රැස්වීම පැවැත්වෙද්දී වු බෝම්බ පිපිරීමකින් සිසුන් 47 ක් මරුමුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පොටිස්කම් නගරයේ පාසලක මේ පිපිරීම සිදුව ඇත.
පිපිරීම සිදුවූ වහාම තුවාල ලැබූ සිසුන් අසළ රෝහල්වෙත ගෙනගොස් ඇති අතර පාසලේ තැන තැන විසිරුණු පාවහන් හා රුධිර පැල්ලම් දක්නට ඇතැයි ද මාධ්‍ය වාර්තාකරයි. දෙමාපියන් හා ගැමියන් චෝදනා කරන්නේ ගිනිකොණ දිග නයිජීරියාවේ ආරක්ෂක තත්ත්වය දුර්වල වීම මේ පිපිරීමට හේතුවක් බවයි.
දරුවල් පාසල් යැවීම වැළැක්වීමේ අරමුණෙන් විවිධ ප්රචණ්ඩ ක්‍රියාවන්හි යෙදෙන බොකොහරාම් සංවිධානය පවසන්නේ බටහිර අධ්‍යාපනය තම රාජ්‍යෙය් තහනම් බවයි. එම සංවිධානයේ මතය වන්නේ ගැහැනු ළමුන් පාසල් අධ්‍යාපනය නොලැබිය යුතු අතර පිරිමි දරුවන්ට ඉගැන්විය යුත්තේ ඉස්ලාමීය අධ්‍යාපනය පමණක් බවයි.
අප්‍රේල් මාසයේදි මෙම සන්නද්ධ කල්ලිය විසින් ගැහැනු දරුවන් 200 ක් එක්වර පැහැර ගනු ලැබීය.
මෙම ළමුන් සියල්ලම ඉස්ලාම් ආගමට හරවා කුරාණය කටපාඩම් කිරීමට සලස්වා ඇති බවත් වාර්තාවේ.
COMMENTS
මේවාට සම්භන්ධ කිසිම කෙනෙකුට යහපතක් වෙන්නෙ නැහැ (දී)
ගිනි අවිය තුලින් කවදාවත් යහපතක් බලාපොරොත්තු වෙන්න බැහැ (දී)
දැන් ලෝකේ ගමන් කරන්නේ නරක පැත්තට (දී)
අනේ කාලේ වනේ වාසේ (දී)
මේවා ලෝකේ විනාශයට වෙන දේවල් (දී)
හද කම්පා කරවන පුවතක් පව් ඒ අහිංසක ළමයි (දී)
ජිවිත වල වටිනාකම නොදන්නා මිනිස්සු (දී)
මේවාට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා (දී)
අහිංසක ළමයි (දී)
මේ අයට ශාප වේවා (දී)
අනේ දෙවියනේ! මොවුන්ට හිතක් පපුවක් නැද්ද? (නි)