IMG-LOGO

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා


පැසිපික් කලාපයේ තවත් සීතල යුද්ධයක පෙරමුණක්

ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය හා කුඩා දිවයින් රාජ්‍ය 14ක් අයත් වන පැසිපික් දුපත් මණ්ඩපයේ නායක හමුව පසුගිය වසර 40ක කාලයක් ඇතුළත ලෝක නායකයින්ගේ අවධානයට ලක්වූ මාතෘකාවක් වූයේ නැත. එහෙත් පසුගිය සතියේ මුළු ජන සංඛ්‍යාව 10,000ක් වූ කොකෝ දුපත්වල පැවති නායක හමුවට ලෝකයේ විවිධ ප‍්‍රදේශවල රටවල් 60ක නායකයින් සහභාගි වූහ. මෙම නියෝජිත කණ්ඩායම්වලින් වඩාත් වැදගත් වන්නේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මියගේ නායකත්වයෙන් සහභාගි වූ 50කගෙන් යුත් නියෝජිත කණ්ඩායමයි. ඒ එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයෙකු හෝ ලේකම්වරියක මෙම නායක හමුවට සහභාගි වූ පළමු අවස්ථාවයි. දේශගුණික විපර්යාසය නිසා ඉහළ යන සාගර ජල මට්ටමෙන් සාගරයේ ගිලී යෑමේ අනතුරට ලක්ව ඇති මේ දුපත්වල රාජ්‍ය නායක හමුවක දී වඩාත් අවධානයට ලක් විය යුත්තේ එවැනි තත්ත්වයක් වැළැක්වීම සඳහා ගත යුතු කි‍්‍රයා මාර්ග වුවත් ක්ලින්ටන් මහත්මිය වඩාත් අවධාරණය කෙළේ සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීමත් ජාත්‍යන්තර නීතිය හා බාධාවකින් තොරව නීත්‍යනුකූල වෙළෙඳ කටයුතුවල යෙදීමේ අයිතිය ආරක්‍ෂා කිරීම වැනි කරුණු ගැනය. එක්සත් ජනපදයට මෙම කලාපයේ සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීමේ ජාතික වුවමනාවක් ද පවතින බව ඇය අවධාරණය කළාය. ජනාධිපති ඔබාමා විසින් ඇමරිකන් පැසිපික් ශත වර්ෂය ලෙස නම් කොට ඇති මෙම යුගයේ දී පැසිපික් කලාපයේ සියලූ කටයුතු කෙරේ වැඩි උනන්දුවක් දැක්වීමට මූලික වශයෙන් හේතු වන්නේ නැගී එන ආර්ථික බලවතෙකු වන චීනයේ බලපෑම සීමා කිරීමට බව පැහැදිලයි. එක්සත් ජනපදය සිය නාවික හමුදා බලශක්තියෙන් සියයට 60ක් පැසිපික් කලාපයේ ස්ථානගත කිරීමට සැලසුම් කර ඇති අතර ඔස්ටේ‍්‍රලියාවත් සමග ඇති කර ගත් ගිවිසුමක් අනුව ඩාර්වින් වරායේ එකසත් ජනපද හමුදා භටයින් 2500ක් රැඳවීමට අවශ්‍ය පහසුකම් ගොඩ නගමින් සිටී. එය ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්තියේ මූලික සාධකයක් වන බව තේරුම් ගත හැක්කේ චීනයේ ආනයන අපනයන මුහුදු ගමන් මාර්ග මෙම සාගර ප‍්‍රදේශය හරහා වැටී ඇති නිසාය. එම මුහුදු ගමන් මාර්ග පාලනය කිරීමට පහසුම මාර්ගය වන්නේ පැසිපික් සාගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් සන්ධිස්ථානවල පිහිටා ඇති කුඩා දිවයින් රාජ්‍ය අවනත කර ගැනීමයි. ඒ සඳහා තම උපායමාර්ගය වන්නේ උකහා ගැනීම නොව එකතු කිරීම බව ක්ලින්ටන් මහත්මිය කොකෝ දිවයිනේ දී ප‍්‍රකාශ කළාය. ඉන් අදහස් වූයේ චීනය විදේශ වෙළෙඳම තුළින් මෙම රටවල සම්පත් උකහා ගන්නා බවත් එක්සත් ජනපදය උනන්දු වන්නේ මෙම දිවයින් රාජ්‍ය සංවර්ධනයට දායක වන බවත්ය. ඒ අනුව එක්සත් ජනපදය පැසිපික් කලාපයේ දුපත්වල සංවර්ධන කටයුතු සඳහා ඩොලර් දශ ලක්‍ෂ 32ක මුදලක් ලබා දීමට ද බලාපොරොත්තු වන බව සඳහන් කළාය. ඩොලර් දශ ලක්‍ෂ 32 මෙම කලාපයේ කුඩා දිවයින් රාජ්‍යවලට බලවත් අනුග‍්‍රහයක් වුව ද චීනය ලබා දෙන ආධාර හා ණය මුදල් ප‍්‍රමාණය අනුව එය එතරම් වැදගත් නොවේ. චීනය 2005 වසරේ දී මෙම කලාපයේ රටවලට ආධාර හා අඩු පොලී ණය වශයෙන් ඩොලර් දශ ලක්‍ෂ 23ක් ලබා දුන් අතර 2011 වන විට එම ප‍්‍රමාණය ඩොලර් දශ ලක්‍ෂ 200 දක්වා වැඩි කර ඇත. සැමෝවා හා ෂිපි රාජ්‍ය නායකයින් පවසන ආකාරයට පසුගිය වසර කීපය තුළ චීනය දිගටම ඔවුන්ට සහාය දැක්වූවාය. එහෙත් එක්සත් ජනපදය මෙම කුඩා දුපත් ගැන උනන්දුවක් දැක්වීමට ඉදිරිපත් වූයේ චීනයේ ආර්ථික ශක්තිය හා වෙළෙඳ කටයුතු ව්‍යාප්ත වීමත් සමගය. එමෙන්ම පැසිපික් සාගර කලාපය මේ රටවල් සියල්ලටම තම ක‍්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට තරම් විශාල බව ද ක්ලින්ටන් මහත්මිය කොකෝ දුපත්වල පැවැති පුවත්පත් සාකච්ඡාවක දී පැවසුවාය. දින 11ක පැසිපික් කලාපයේ සංචාරයක යෙදෙන ක්ලින්ටන් මහත්මිය ඉන් අනතුරුව ගියේ කලාපයේ විශාලතම දුපත් රාජ්‍යයක් වන ඉන්දුනීසියාවටය. එහි අරමුණ වූයේ දකුණු චීන මුහුදු කලාපයේ කටයුතුවල දී ඉන්දුනීසියාව වඩා වැදගත් කාර්ය භාරයක් ඉටු කළ යුතු බව පෙන්වා දීමටය. දකුණු චීන මුහුදේ මිනිස් වාසයක් නැති කුඩා දුපත් කීපයක අයිතිය පිළිබඳව චීනය හා පිලිපීනය, විටට්නාමය හා බෲනායි රාජ්‍ය අතර මතභේදයක් ඉස්මතු වී ඇති මේ අවස්ථාවේ එක්සත් ජනපදයට අවශ්‍ය වන්නේ චීනයට ප‍්‍රබල අභියෝගයක් ඉදිරිපත් කිරීමය. ඒ සඳහා ආසියාන් රටවල් අතර කතාබහට ලක් වෙමින් පවතින කරුණු හයක් ඇතුළත් යෝජනාවකට එක්සත් ජනපදය සහාය දක්වති. මෙම ප‍්‍රශ්නයේ දී ගැටුම විසඳා ගැනීම සඳහා ආචාරධර්ම පද්ධතියක් සකස් කර ගැනීමත් චීනය සමග සාකච්ඡුා කිරීමේ දී ආසියාන් හවුල සමූහයක් වශයෙන් ඊට සහභාගි විය යුතු බවත් එක්සත් ජනපදය පවසයි. පසුගිය ආසියාන් නායක හමුවේ දී මෙවැනි යෝජනාවක් සම්මත කර ගැනීමේ උත්සාහයක් තිබුණ ද ඒකමතික තීරණයකට එළඹීමට නොහැකි වූ නිසා එය ව්‍යර්ථ විය. ක්ලින්ටන් මහත්මියගේ මෙම සංචාරයේ දී එම කරුණ නැවතත් අවධාරණය වූයේ ද්විපාක්ෂික සාකච්ඡුාවලින් විසඳුමක් ඇති කර ගැනීම එක්සත් ජනපදය අනුමත නොකරන නිසාය. අනෙක් අතට මෙම දුපත්වල අයිතිය පිළිබඳ මතභේදයට ද්විපාක්ෂික සාකච්ඡා තුළින් විසඳුම් ලබා ගත යුතුය යන්න චීනයේ ස්ථාවරයයි. එමෙන්ම මෙම කලාපය තුළ එක්සත් ජනපදයේ ජාතික වුවමනාවක් පවතී යන්නට චීනය කිසි සේත් එකඟ වන්නේ නැත. එක්සත් ජනපදයට අවස්ථාවක් නොලැබෙන ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්විය යුතු යැයි චීනය අවධාරණය කරන්නේ ද එම බලපෑම අවම කිරීමටය. එක්සත් ජනපදය පිලිපීනය හා වියට්නාමය වැනි රටවල් සමග හමුදා සම්බන්ධතා තර කරගැනීමට උනන්දු වන්නේ එක අතකින් එම රටවල් අභියෝගාත්මක පියවර ගැනීමට පෙළඹවීමට හා අනෙක් අතින් එවැනි සම්බන්ධතා නිසා තමන්ට ද මෙම ගැටලූවට මැදිහත් වීමට අවස්ථාවක් පවතින බව තහවුරු කිරීමටය. පිලිපීනය සමග අත්සන් කර ඇති ආරක්‍ෂක ගිවිසුමක් අනුව පිලිපීනයට බාහිර තර්ජනයක් එල්ල වන විට එක්සත් ජනපදය ඔවුන්ගේ සහායට ඉදිරිපත් වනු ඇත. වියට්නාමයේ විශාලතම ස්වාභාවික වරායක් වන දානාංග් වරායේ එක්සත් ජනපද නාවික හමුදාවට පහසුකම් ලබා ගැනීමේ ගිවිසුමක් ද වියට්නාමය සමග පසුගියදා අත්සන් තැබිණි. එක්සත් ජනපදය දකුණු චීන මුහුදේ සහ පැසිපික් කලාපයේ ආරක්‍ෂාව ගැන උනන්දු වීම කිසි සේත් චීනයට අභියෝගයක් නොවන බව නිතර අවධාරණය කරන නමුත් සැබෑ තත්ත්වය ඊට වඩා වෙනස් බව බොහෝ නිරීක්‍ෂකයෝ පෙන්වා දෙති. ජනාධිපති ඔබාමාගේ ‘පැසිපික් ශත වර්ෂය’ යන්නෙන් අදහස් වන්නේ මෙම කලාපයේ එක්සත් ජනපදයේ සටන් ශක්තිය වැඩිදියුණු කිරීමත් අවශ්‍ය අවස්ථාවක චීනයේ ප‍්‍රධාන සැපයුම් මාර්ග අඩපණ කිරීමත් බව විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. මේ තත්ත්වය සැලකිල්ලට ගන්නා චීනය ද ඊට මුහුණ දීමට පියවර ගන්නා බව ද පැහැදිලිය. එහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ නැවත වරක් සීතල යුද්ධයකට අවතීර්ණ වීමකි. පළමු සීතල යුද්ධයේ පෙරමුණු යුරෝපය හරහා වැටී තිබුණ නමුත් අලූත් පෙරමුණු නිර්මාණ වන්නේ පැසිපික් කලාපයේය. එම නිසා ඉදිරි දශක කීපය තුළ පැසිපික් කලාපයේ යුද උණුසුම වඩාත් උත්සන්න වීමෙන් ජනතාව වඩාත් අනාරක්‍ෂිත භාවයට පත් වීමත් සම්පත් නිස්කාරණයේ විනාශ වීමත් වැළැක්විය නොහැකි වනු ඇත.

සටහන: - මහින්ද හත්තක
චීන නැවක් හොංකොං සිට පැසිෆික් දුපත් බලා යාත‍්‍රා කරන අයුරු කුක් දුපත්වල අගමැති හිලරි ඔස්ටේ‍්‍රලියා අගමැති ජූලියා ගිලාඞ් කොකෝ දුපත්වල සමුළුවට රැස්වූ රාජ්‍ය නායකයන්



අදහස් (0)

පැසිපික් කලාපයේ තවත් සීතල යුද්ධයක පෙරමුණක්

සිල්වා Saturday, 08 September 2012 03:13 AM

චීන සහ රුසියා ඉන්නතුරු ලෝක පොලිස් වෙන්න බැහැ. නිකන් වියදම් කරනවා විතරයි. (නි)

:       0       0

ලක්ෂාන් Sunday, 09 September 2012 11:24 AM

සිල්වා, ඔබ හරි.ඇමරිකාව දැන් යන්නෙ වලපල්ලට.ලෝකයේ එක චීනය, රුසියාව තමයි. (ස)

:       0       0

කුමාර Sunday, 09 September 2012 11:47 AM

දුප්පත් ජනතාවට අවශ්‍ය සේවාවන් දියුණු කළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ගාසා පලස්තීනුවන් සෞදියේ පදිංචි කරනවා
2025 පෙබරවාරි මස 10 1003 2

ගාසා තීරයේ මුස්ලිම් පලස්තීනුවන් පදිංචි කරවීම සඳහා සෞදි අරාබියේ ඉඩම් ලබා දිය යුතු යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත. මෙය සෞදි රජ


රුසියන් යුක්රේන යුද්ධය: පුටින් එක්ක කතා කළා - ට්‍රම්ප්
2025 පෙබරවාරි මස 10 417 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන්, තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දුරකතන ඇමතුමක් දී සාකච්ඡා කළ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට


මාඕ බෙදුම්වාදීහු 31 ක් ඉන්දීය හමුදා අතින් මරුට
2025 පෙබරවාරි මස 10 290 0

චතිස්ඝාර් ප්‍රාන්තයේ ක්‍රියාත්මක මාඕ බෙදුම්වාදී කැරැලිකරුවන් 31 දෙනකු ඝාතනය කිරීමට ඉන්දීය හමුදාව සමත් විය. ඒ දරුණු අවි ගැටුම්වලින් පසුවය.


ජපන් අගමැති තෑගි අරන් පුටින් හමුවන්න ඇවිල්ලා
2025 පෙබරවාරි මස 10 169 1

ජපන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි. ජපන් අග්‍රාමාත්‍ය ඉෂිබා සහ ට්‍රම්ප් මෙ


ඇමෙරිකානුවන්ගේ බදු මුදල් ගිල්ල USAID
2025 පෙබරවාරි මස 09 998 1

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනි වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ, විශිෂ්ට ජනවරමකිනි. මුල් තැන දිය යුත්තේ ඇමෙරිකාවට බවත්, ඇමෙරිකානුවන්ට බවත් ට්‍රම්ප් තදින


කඩා වැටුණු යානයේ සුන්බුන් හමුවෙලා
2025 පෙබරවාරි මස 09 208 0

ඇලෙස්කාවේදී අනතුරට ලක් වී කඩා වැටුණු කුඩා මගී ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනීමට, මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි. ඇලෙස්කාව යනු ඇම


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 167 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 131 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 920 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site