IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


පලස්තීන සිරකරුවෝ 26 දෙනෙක් නිදහස ලබති

අත්අඩංගුවේ සිටි පලස්තීන ජාතික දේශපාලන සිරකරුවන් 26 දෙනකු නිදහස් කිරීමට ඊශ‍්‍රායල රජය ඊයේ (14) පියවර ගත්තේය.
එම සිරකරුවන් 26 දෙනා නිදහස් කළේ ඇමෙරිකාවේ අනුග‍්‍රහය යටතේ ආරම්භ වීමට නියමිත, ඊශ‍්‍රායල පලස්තීන සාම කතාවලට පෙරය.


සාම කතා ඵලදායී කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකාවේ ඉල්ලීමට කන් දී, සිරකරුවන් නිදහස් කිරීමට ඊශ‍්‍රායල රජය තීරණය කළේ, ඉකුත් 12 වැනිදාය. එම තීරණය ගත් අවස්ථාවේදී එම 26 දෙනාගේ නම් ලැයිස්තුවද ප‍්‍රසිද්ධියට පත් කළේය.
ඊශ‍්‍රායල පලස්තීන මැදපෙරදිග සාම කතා ආරම්භ වන්නේ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි. ඒ සඳහා පිඹුරුපත් සකස් කෙරුණේ මීට මාසයකට පමණ පෙරදීය. සාකච්ඡුා සඳහා මැදහත්කරු ලෙස කි‍්‍රයා කරන්නේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීය.
පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමට ඊශ‍්‍රායල රජය තීරණය කළේ එරට ආරක්ෂක ඇමැති යේලෝන් සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් අතර දීර්ග වශයෙන් පැවැති සාකච්ඡුාකින් ද පසුවය.


නිදහස ලැබුණේ ඊශ‍්‍රායල අත්ඩංගුවේ සිටින සිරකරුවන් 104 දෙනකුගෙන් 26 දෙනකුය. සාම කතා ඵලදායී ආකාරයට සිදුවන්නේ නම් සෙසු පිරිස ද මුදා හැරීමට කටයුතු සැළසෙනු ඇතැයි ඇමෙරිකානු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
නිදහස ලැබූ එම පලස්තීන ජාතිකයන් පිරිස ඊයේ බටහිර ඉවුරේ පලස්තීන පාලන ප‍්‍රදේශයට පැමිණි අවස්ථාවේ ඔවුන් උණුසුම් ලෙස පිළි ගැනීමට පලස්තීන වැසියෝ පියවර ගත්හ. ඊශ‍්‍රායලය කළ එම සිරකරුවන් නිදහස් කිරීම පලස්තීන රජයේ ද පැසැසුමට හේතුවක් වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණි.



අදහස් (0)

පලස්තීන සිරකරුවෝ 26 දෙනෙක් නිදහස ලබති

විමුක්ති Thursday, 15 August 2013 08:17 PM

අනේ මේ ෆර්සන් ඔයාලට දෙන්න ඕනේ ඔය තෛලයෙන් තමා. දැන් පේනවද අපිට වෙලා තියන දේ.(නදී)

:       0       0

ෆර්සාන් Thursday, 15 August 2013 12:57 PM

ඒ පාර මොකාටද එන්න හදන්නෙ කියල දන්නේ නැහැ. කවරදාකමවත් යුදෙව්වන්ව විශ්වාස නොකල යුතුයි. ඔවුන් දිය යටින් ගින්දර ගෙනයන අයයි. (ස)

:       0       0

ලක්මා Thursday, 15 August 2013 10:59 PM

අපේ රටේ යුද්ධය තිබුණු මුල්ම කාලේ අපිට උදව් කළේ යුදෙවුවෝ. ඒක අමතක කරන්න එපා. (නි)

:       0       0

ධම්ම Thursday, 15 August 2013 10:45 AM

යසීර් අර්ෆත් මුළු ජීවිත කාලය පුරාම සාකච්ඡා කළා. විසඳුමක් උනේ නැහැ. අන්තවාදී ආගම් මූලික සටන් කිසිදා විසදෙන්නේ නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 43 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 151 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1005 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site