දෙවැනි එළිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමින්තෙන් ලන්ඩන් නුවර තේම්ස් නදියේ පැවැති බෝට්ටු සංදර්ශනය නරඹද්දී රෝගාතුර වී රෝහල් ගත කළ රැජිනගේ වල්ලභයා වන පිලිප් කුමරුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
එඩින්බරෝ ආදිපාදවරයා යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන පිලිප් කුමරු (90) එළිසබෙත් රැජින සමඟ එම බෝ්ට්ටු සන්දර්ශනය නැරැඹුවේ අධික වර්ෂාවක් මැද්දේය.
පිලිප් කුමරු මුත‍්‍රා ආසාදනයකින් පීඩා විඳින බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට සුව අතට හැරී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී.
එළිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන් පසුගිය දින කීපය පුරා ලන්ඩන් නුවර විශේෂ උත්සව සහ සැණකෙළි පැවැත් වුණු අතර එම උත්සව අවසන් වූයේ පෙරේදා (4) පැවැති මහා සංගීත සංදර්ශනයෙන් පසුවය.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙඩ සනීප වෙන එක සුභ ආරංචියක්