පිලිපිනයේ ඩෙංගු මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග ජාතික වශයෙන් ඩෙංගු වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
වෛද්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙම වසර තුල ඩෙංගු රෝගයෙන් 622දෙනකු මියගොස් ඇති බවයි.
ජූලි මාසය වනවිට ඩෙංගු රෝගීන් 146000ක් වාර්තා වී ඇත. මෙය පසුගිය වසරට වඩා සියයට 98කින් වැඩිවීමක් බවද ඔවුහු පවසති.
බටහිර විසායාස් පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය 23000ක් ලෙස සටහන් වි ඇත. පසුගිය සති තුනක් පුරා කළාප හතක වසංගත මට්ටම ඉක්මවා රෝගීන් වාර්තා වී ඇතැයි සඳහන් වේ.
පසුගිය වසරේ ලබාදුන් ඩෙංගු ප්‍රතිශක්තීකණ එන්නත ද අසාර්ථක වීම හේතුවෙන් අවදානම උත්සන්න වී ඇතැයි වෛද්‍යවරු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd