පිලිපීනයට බලපෑම් ඇතිකළ ෆැන්ෆෝන් සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 28 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට බලධාරීහු පවසති.
පුද්ගයන් 12 දෙනකු අතුරුදන්වී ඇති බවත් 58,000 කට වැඩිපිරිසක් අවතැන් වූ බවත් ආපදා කළමණාකරන කවුන්සිලය පවසයි.
පසුගිය අඟහරුවාදා (24) පිලිපීනයට ඇතුළු වූ සුළි කුණාටුවෙන් දැඩි ගංවතුර තත්ත්වයක් ඇතිවූ අතර පළාත් කිහිපයක නිවාස විනාශ විය.
සුළි කුණාටුව පැයට කිලෝමීටර් 200 ක වේගයෙන් පිලිපීන දූපත් හරහා හමාගිය අතර නත්තල් උත්සවය සඳහා නිවෙස් කරා යාමට සිටි දහස් ගණනක පිරිස් අතරමං වී සිටියහ.
මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩඇති බවද බලධාරීහු පවසති.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.