IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පෙරැළුණු නැව අතහැර ගියැයි කරන චෝදනා කපිතාන් ප‍්‍රතික්ෂේප කරයි

ඉතාලියේ මධ්‍යධරණී මුහුදේ පිහිටි ගිග්ලියෝ දූපත අසල කොරල් පරයක හැපී කොන්කෝඩියා නමැති සුඛෝපභෝගී නැව පෙරැළුණු අවස්ථාවේදී තමා නැව අතැර පලාගියබවට නගන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව අනියම් මිනීමැරුම් චෝදනාවලට ලක්ව සිටින එම නැවේ කපිතාන්වරයා පෙරේදා(17) කියා සිටියේය. කපිතාන්වරයා ඒ බැව් ප‍්‍රකාශ කළ අවස්ථාව වන විට නාවික අනතුරින් මිය ගිය තවත් පුද්ගලයන් පස් දෙනකුගේ මළ සිරුරු ගොඩ ගැනීමට හැකි වූ බවත් ඒ සමගම අනතුරින් මිය ගිය ගණන 11 දක්වා ඉහළ ගොස් ඇති බවත් සහන සේවා කණ්ඩායම් කියා සිටියේය. නැව අනතුරට ලක්වීමෙන් අනතුරුව එහි කපිතාන්වරයා වූ ෆ‍්‍රැන්සෙස්කෝ ෂෙටීනෝ (52) සමග සිදු කළ දුරකථන සංවාදයක් ඉතාලි වරාය අධිකාරිය විසින් පටිගත කර ඇති අතර එම සංවාදයට අනුව නැව අනතුරට පත් වූ අවස්ථාවේදී වෙරළාරක්ෂක අංශ මගින් නැවෙන් පිටවීමට උත්සාහ ගත්  කපිතාන්වරයාට අනතුරට පත් නැව වෙත ආපසු යන ලෙස දන්වා ඇති අතර ඔහු එම නියෝග නොසලකා හැර ඇත. නැව අනතුරට ලක්වීම සම්බන්ධයෙන් නීතිවේදීන් විසින් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ඇති අතර එහිදී, නැව කොරල් පරයේ ගැටුණු අවස්ථාව වන විට තමා සුක්කානම් මැදිරියේ සිටි අතර පසුව නැව ඇලවීමත් සමග තමන් මුහුදට වැටුණු නිසා තමාට නැවට ගොඩවීමට නොහැකි වූ බව කපිතාන්වරයා පැවසූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. දිවි ගැලවීමේ මෙහෙයුම්වල නිරත සහන සේවා කණ්ඩායම් පවසන්නේ තවමත් පුද්ගලයන් 24 දෙනකු අතුරුදන්ව ඇති බවය. අයහපත් කාලගුණික තත්වයක් පැවතිය ද අතුරුදහන් වුවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව සහන සේවකයෝ පවසති. කොන්කෝඩියා නැව අනතුරට පත්වීමේදී දිවි ගලවාගත් අය අතර 1912 ටයිටැනික් නෞකාවේ අනතුරින් දිවිගලවාගත් අයෙකුගේ මිණිබිරියක සිටින බව ද වාර්තා වේ. කොන්කෝඩියා නැවේ කපිතාන් ෆ‍්‍රැන්සෙස්කෝ ෂෙටීනෝ



අදහස් (0)

පෙරැළුණු නැව අතහැර ගියැයි කරන චෝදනා කපිතාන් ප‍්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site