බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි පාකිස්තානයේ තරීක් ඊ තලේබාන් ඉස්ලාමීය සටන්කාමී සංවිධානය පවසයි.
-ඇමෙරිකාවට සහ ඔවුන්ගේ මිතුරු රටවලට පහර දෙන්න අපට අවශ්‍යතාවක් තිබෙනවා. ඒත් මේ ප‍්‍රහාරයට අපේ කිසිදු සම්බන්ධයක් නැහැ” යැයි තරීක් ඊ තලේබාන් සංවිධානය වෙනුවෙන් එහි ප‍්‍රකාශය ඉෂානුල්ලා ඉෂාන් ප‍්‍රකාශ කළේය.
2010 වසරේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට තරීක් ඊ තලේබාන් සංවිධානය උත්සහ කළ නමුත් එය අසාර්ථක විය.
ඊයේ සිදුවූ එම ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නොමැත. 2001 වසරේ අල් කයිඩා සටන්කාමීන් ඇමෙරිකාවට එල්ල කළ ප‍්‍රහාරයෙන් පසු ඇමෙරිකාවේ මේ අයුරින් බෝම්බ පුපුරා ගියේ වසර 12 කට පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කට්ටිය ඇමරිකා ගියාට පස්සෙයි මේ බෝම්බය පිපුරුනේ? (නි)
මහත්මා ගාන්ධි තුමාගේ අවිහිංසාවාදය ඉදිරියේ දන බිම ගසවු! කවුරුන් කළත් ජරා වැඩ පිළිකුල් කරවු! (නි)
අපි ගැහුවා කියලා කිව්වොත් පැය 24ක් යන්නත් කලින් කූඩු කරලා දාන බව දන්නා නිසා තමයි ඔහොම කියන්නේ, මම හිතන්නේ. (නි)
කොයි ත්‍රස්තවාදියත් අන්තිමට කියන්නේ ඔය ටික. වගකීම බාර ගන්නේ නැහැ. මතකනේ ලංකාවේ හිටපු කොටි ටික.(නදී)