රාජ්‍යයේ නැගෙනහිර ගාවෝ දේශසීමා කලාපයේ දී සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකදී හමුදා සෙබළුන් 24දෙනකු මියගොස් ඇතැයි එරට ආරක්ෂක අංශ පවසයි.
මාලි හා නයිජර් භටයන් ඒකාබද්ධව කළ මෙහෙයුමකදී මෙම පහරදීම සිදුව ඇති අතර භටයන් 29 දෙනකු තුවාල ලබා ඇතැයි ද සඳහන් වේ.
මාලි හමුදා පවසන්නේ මෙහෙයුමේදි ත්‍රස්තවාදින් 17දෙනකු මියගිය අතර 100ක් පමණ අත්අඩංගුවට ගත් බවයි.
ප්‍රහාරය එල්ල කලේ කවුරුන්ද යන්න සම්බන්ධව තොරතුරු වාර්තා වි නොමැත.
සති කිහිපයකට පෙර මාලි භටයන් වෙත එල්ල වූ ප්‍රහාරයකින් 54 දෙනකු මියගිය බව සඳහන් විය.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS