|
|
ප‍්‍රංශ ජනපති ඕලන්ද්(වමේ) ඉන්දීය ජනපති මන්මොහන් සිං හමු වූ අවස්ථාව. |
ඉන්දීය ගුවන් හමුදාව සඳහා ප‍්‍රහාරක ජෙට් යානා 126ක් මිලදී ගැනීමේ ගනුදෙනුව කඩිනම් කරන්නැයි ප‍්‍රංශ ජනපති ෆ‍්‍රන්සුවා ඕලන්ද් ඊයේ(14) ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියේය.
ගුවන් බලය ශක්තිමත් කිරීම සඳහා ප‍්‍රහාරක ජෙට්යානා ලබාගැනීමට ඉන්දියාව පසුගිය වසරේදී ප‍්‍රංශ සමාගමක් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර තවමත් එම ගිවිසුමට අස්සන් තබා නැත.
ප‍්‍රංශ ජනපති ඕලන්ද් සහ විදේශ ඇමැති ලෝරන්ට් ෆේබියස් ඇතුළු ප‍්‍රංශ රජයේ ඉහළපෙළේ නියෝජිත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටිති.
දැනට කි‍්‍රයාත්මක ලොව විශාලතම ආරක්ෂක ගනුදෙනුව ලෙස සැලකෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක් වන මෙම ජෙට්යානා මිලදී ගැනීමට අදාළ ගිවිසුම කඩිනම් කිරීම ප‍්‍රංශ බලධාරීන්ගේ මෙම සංචාරයේ එක් ප‍්‍රධාන අරමුණකි. ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජෙට්යානා අයත් සමාගමේ නියෝජිත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටිති.
මෙම සංචාරයේදී ප‍්‍රංශ ජනපති ප‍්‍රමුඛ නියෝජිත පිරිස ඉන්දීය ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලනඥයන්ද හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඉකුත් වසරේ ප‍්‍රංශ ජනපති ලෙස තේරී පත්වූ ෆ‍්‍රන්සුවා ඕලන්ද් ආසියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් නය වෙලා හරි යානා 10 යක් ව්තර ගත්තනම් ජිනීවා ප්‍රශ්න ටික ගොඩින්ම බේරගන්න තිබුනා.(නදී)
නිෂෟපාදනය කරපු යානා ටික කොහොමහරි විකුණන්නද දන්නෙ නැහැ හදන්නේ? (නි)
ඒ වැඩේ එච්චර සුභ නැහැ (දී)
සම්පත්, ඉන්දියාව බටහිරට ගැතියි. අපි ඉන්දියාවට ගැතියි. මොකක්ද ඉතින් වෙනස? (නි)
බටහිරට ගැති නොවෙවු! (නි)
ඉන්දියාව ගැන නම් විශ්වාසයක් තියන්න අමාරුයි. (නි)
පකිස්ථානෙත් ලගදි රුසියාවෙන් ගත්තා. ගන්න ගන්න.(නදී)
ප්‍රංශයේ බඩු හොදයි. මලී රටට ගියානම් ගුවන් ප්‍රහාර දෙන හැටි බලලා බඩු ටික ගන්න පුළුවන්.(නදී