ප‍්‍රංශයේ පැරිස් නුවර මේ දිනවල පවතිනුයේ මිදුම හා දුම මිශ‍්‍ර ඝන පටලයකින් වැසී පවතී.

මිට හේතුව ලෙස සැළකෙන්නේ පැරිස් නුවර අධිකව සිදුව ඇති වායු දුෂණයයි.පසුගිය සතියේ සිටම මෙම දුම් වලාව පැරිස් නුවර වසා පැතිර සිටී.

පිළියමක් ලෙස බළධාරීන් රථ වාහන ධාවනය සීමා කිරීමට පියවර ගෙන ඇති අතර දින 4 කට පොදු ප‍්‍රවාහන සේවා ගාස්තු රහිතව භාවිතා කිරීමේ අවස්ථාවද මහජනයාට ලබාදී තිබුණි.

කර්මාන්තශාලා වලින් හා මෝටර් රථ වලින් පිට වන පිටාර වායූන් මේ සා වායු දුූෂණයක් සිදුවීමට හේතුවී ඇතැයි විශේෂඥයෝ කියති.

චීනයේ කර්මාන්තපුරවරයක් වන බීජිං නගරයේද මෙවන් තත්ත්වයක් පවතින අතර එහි වායු දුෂණය කෙතරම් දරුණු මට්ටමකින් සිදුවී ඇත්ද යත් නගරවැසියන්ට නිවසේ වැඩකටයතු කිරීමේ සිට රැකියා කටයුතු දක්වා සියලූ දේ කිරීමට සිදුව ඇත්තේ මුඛවාඩම් බැදගෙනය.

ඉදිරියේදී ලොව පුරා රටවල කර්මාන්තශාලා වලින් ගහණ කාර්යබහුල නගර වලත් මෙවන් තත්ත්වයන් ඇතිවනු ඇතැයි පරිසරවේදීහු බිය පළ කරති.