දකුණු චීනයේ ගංගාවක් ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත අපද්‍රව්‍ය දහනාගාරයකට විරෝධය පළකරමින් මිනිසුන් දහස් ගණනක් එක්ව උද්ගෝෂණයක් ඇරැඹූහ.

එම විරෝධතාවයට දස දහසක්  පමණ  සහභාගී වී ඇති බවත් විරෝධතාව පාලනය කිරීමට පොලිසියේ තුන් දහසක් පමණ යොදවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරෝධතාකරුවන් රජයේ කාර්යාල වලට ඇතුළු වීමටද උත්සහ කර ඇති බවද සදහන් වේ.

එම විරෝධතාවයට නායකත්වය සැපයු 21 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

උද්ඝෝෂකයන් කිහිප දෙනකු සහ පොලිසියේ දෙදෙනකු ද තුවාල ලබා තිබේ.

 ලුබු නගරය ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රධාන ජල මුලාශ්‍රය වන ෂී ගඟ ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත එම අපද්‍රවය මධ්‍යස්ථානය හේතුවෙන්   ගංගාවේ ජලයත් ඒ අවට වායුගොලයත් දුෂණය වන බව විරෝධතාකරුවෝ කියති.