ප‍්‍රංශයේ රූප සුන්දරිය  (මිස් ප‍්‍රාන්ස්) තෝරා ගැනීමේ අවසන් තරගය පැරීසියේ සිට කිලෝ මීටර් 950 ක් දකුණු දිග ප‍්‍රංශයේ පිහිටි මොන්ට්පිලියේ නගරයේ ඇරීනා රංඟ ශාලාවේදී දෙසැම්බර් 17 වැනි සෙනසුරාදා ඉතාමත් වර්ණවත් ලෙස පැවැත්විණි.

ප‍්‍රංශයේ පළාත් හා එයට අයත් දූපත් වලින් තෝරා ගත් සුරූපිණියන් 30 දෙනකු අවසන් තරගයට තේරී පත්වී සිටියේය. ඔවුන් අතරින් අවසන් පස් දෙනා අතරට ප‍්‍රංශයේ ලොරේන් හා ලන්ගුඑඩොක් රුස්ලියොන් පළාත් නියෝජනය කළ අනුපිළිවෙළින් ජස්ටින් කමාරා  හා ඇව්රොර් කිචෙනින් ද ගුවඩ්ලූප්, ගුයියාන් යන ප‍්‍රංශයට අයත් කැරිබියන් දූපතේ  හා  ඕස්ටේ‍්‍රලියාවට සමීපව පැසිපික් සාගරයේ පිහිටි තයිටි යන  පළාත් නියෝජනය කරමින් මොර්ගෙන් ත්‍රෙරේසින්  , වෙයා පෙරන්ඩ්  හා ඇලීසියා අයිලියිස් ඊට අයත් වූහ.

අවසාන වටයෙන් මිස් ලොරෙන්, මිස් ගුවඩ්ලූප්, මිස් තයිටි සිව්වන, තෙවැනි, හා දෙවැනි ස්ථාන අනුපිළිවෙළින් දිනාගත් අතර අවසන් දෙදෙනා අතරින් අවුරුදු 18ක් වයසැති සරසවියේ පළමු වසරේ නීතිය විෂය හදාරන මිස් ගුයියාන් ඇලීසියා අයිලියිස් මෙනවිය 2017 වසරේ ප‍්‍රංශයේ රූප සුන්දරිය ලෙස අභිෂේක ලැබුවේය.

ප‍්‍රංශයේ ප‍්‍රසිද්ධ නිළියක් හා ගායිකාවක් වන ඇරියෙල් ඩොම්බාසෙල් ජූරියේ සභාපති ලෙස කටයුතු කළ අතර ප‍්‍රංශ නිළියක්වූ ඉන්ග‍්‍රීඩ් චුවින්, මිචෙල් බාර්නියෙර්  මින් පෙර ප‍්‍රංශ රූප සුන්දරියක්වූ මලීකා මෙනාඩ්, ගායක අමීර්, ප‍්‍රසිද්ධ චිත‍්‍රපටි අධ්‍යක්ෂක ක‍්‍රිස්ට්‍රෝපර් බැරටියෙර්, හා ප‍්‍රංශ බොක්සිං ශූරයෙකු වූ ටෝනි යෝකා ජූරියේ අනෙක් සාමාජිකයෝය.

ප‍්‍රංශයේ පර්ජෝ කාර් නිෂ්පාදන සමාගම ප‍්‍රමුඛ වෙනත් ප‍්‍රසිද්ධ ආයතන 25ක් ඊට අනුග‍්‍රාහයකත්වය දැරුවේය. මයෝට් දුපත නියෝජනය කරමින් තරගයට ඉදිරිපත් වූ මිස් මයෝට් ඇවිදින විට ඇද වැටීමෙන් කකුලේ ආබාධයක් ඇතිවී රෝහල් ගත කිරීමටද සිදු විය.

ජය ගත් සුරූපිණිය පදිංචි ප‍්‍රංශයට අයත් ගුයියාන් පිහිටා ඇත්තේ දකුණු ඇමෙරිකාවේ බ‍්‍රසීලයේ උතුරු දේශසීමාවට මායිම්වය. ප‍්‍රංශය ප‍්‍රමුඛ යුරෝපයේ රටවල් එකතුවේ අභ්‍යවකාශ පර්යේෂණ සිදුකරන අජටාකාෂ මධ්‍යයස්ථානය පිහිටා ඇත්තේ මෙම ගුයියාන් වලය.

Miss-France-01 Miss-France-02 Miss-France-03 Miss-France-04 Miss-France-2017 Miss-France-Last-Five Miss-France-last-five-01 Miss-France-last-five-02 Miss-France-last-five-03 Miss-France-last-five-04 Miss-France-last-five-05 Miss-France-Winner Miss-Mayoat