කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් 34 දෙනාගේත්, අගමැතිවරයාගේත් තමාගේත් වැටුප සියයට 30 කින් කප්පාදු කිරීමට ප‍්‍රංශයේ නව ජනපති ෆ‍්‍රන්සුවා ඕලන්ද් ගත් තීරණය ප‍්‍රංශ ජනතාවගේ ප‍්‍රශංසාවට ලක් වී ඇත. නව ජනපතිවරයා එම වැටුප් කප්පාදු කිරීමට තීරණය කළේ පෙරේදා (17) ප‍්‍රංශයේ නව වාමාංශික රජයේ ප‍්‍රථම කැබිනට් රැුස්වීමට සහභාගී වී වැඩ ආරම්භ කළ අවස්ථාවේදීය. මැතිඇමැතිවරුන්ගේ වැටුප් කප්පාදු කරන බවට ජනපති ෆ‍්‍රන්සුවා ඕලන්ද් ඡුන්ද පොරොන්දුවක් ද ලබා දී තිබුණි. රාජ්‍ය මුදල් මනා ලෙස කලමණාකරණය කිරීමේ පියවරක් ලෙස එම වැටුප් කප්පාදුව සිදු කර ඇත. මීට අමතරව රාජ්‍ය වියදම් කපා හැරීමට ගෙන ඇති දළදඬු නීති ඉවත් කිරීමට ද ඕලන්ද්ගේ නව රජයේ අරමුණ වී ඇත. ප‍්‍රංශ නව ජනපතිවරයා මෙලෙස වැටුප් කප්පාදු කරද්දී, අසල්වැසි ජර්මනියේ චාන්සල්වරිය වන ඇන්ජෙලා මාර්කෙල්ගේ වැටුප් වැඩි කිරීමට ජර්මන් රජය පියවර ගෙන තිබේ. දැනට වාර්තා වන අන්දමට චාන්සල්වරියගේ වැටුප ඕලන්ද්ගේ වැටුපට වඩා බෙහෙවින් ඉහළය. යුරෝපා රටවල වත්මන් මූල්‍ය ප‍්‍රතිපත්තිය සමාජවාදයට අනුකූල නොවන බව ප‍්‍රංශයේ නව මුදල් ඇමැති පියේ මොස්කෝවික් කියයි. ණය බර වැඩිවීම රටකට හානිදායක බවත්, රාජ්‍ය ණය සහ අයවැය පරතරය අඩු කිරීමට තමන් කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටී.
1
6 ශ්‍රේණියේ මොඩියුල අවුල: රජයේ බුද්ධි සේවා කුමන්ත්රණකරුවන් ලුහුබඳියි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් ඔය විදියට කරන්න අමාරුද?
ආදර්ශ ගන්නව නම් කොච්චර දේ තිබුණද? තියෙනවද?
මේකත් නිකන් ලංකාවේ ආණ්ඩුවක් ආපු ගමන් ඇමතිවරු ගාන අඩු කරනවා වගේ වැඩක්. බලමුකෝ ඉස්සහරට මුන්නැහෙගේ වැඩ. මේවා ඔක්කොම ජනතාව ගොනාට අන්දන්න දාන සෙල්ලන්
අපට හොඳ ආදාර්ශයක් වෙයිද?????
ඒ ප්‍රංශේනේ............මේ..... ලංකාව..... !!!
ලංකාවේ එහෙම වෙන්නේ නෑ
මේ වගේ දේවල් කොහෙත්ම අපේ රටට ගැළපෙන්නේ නෑ