නොවැම්බර් 13 වැනි සිකුරාදා රාත්‍රියේ පැරීසියේ සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදි ප්‍රහාරය හේතු කොට 129 දෙනකු මියගොස් ඇත්තේය. බැටැක්ලොන් නාට්‍ය ශාලාවේදි මියගිය 89 දෙනෙක් ඊට අයත් වෙති. 352 දෙනෙක් තුවාල සහිතව රෝහල් ගත කරනු ලැබූහ. එයින් 99 දෙනෙක් ජීවිතයත් මරණයත් අතර ජීවත්වෙති.
සල්පි්රට්රි, පොම්පිඩූ , බිචා, සෙන්ට් ලූවී යන ප්‍රසිද්ධ රෝහල් ඉතාමත්ම කාර්ය බහුලය. මෙය ප්‍රංශයේ මෑත ඉතිහාසය තුළ සිදුවූ ප්‍රථම සිය දිවිනාසා ගැනීමේ ප්‍රහාරය ලෙස සැලකේ. මින් පෙර බෝම්බ පුපුරුවා හැරීම් සිදු වුවද මරාගෙන මැරුණේ නැත. තුන්දාහක හමුදාවක් පැරීසියේ ආරක්ෂාවට කැඳවා ඇත්තේය.
ප්‍රංශයේ දේශ සීමාව සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර හදිසි නීතිය මගින් මුළු ප්‍රංශයටම ආරක්ෂන වළල්ලක් දමා ඇත. පැරීසියේ පිහිටි ඵෙතිහාසික ස්ථාන, නාට්‍ය ශාලා, සිනමා හල් , කෞතුකාගාර , ප්‍රංශයේ යකඩ ගැහැනිය වූ අයිෆල් කුළුන වසා දමා ඇත. 2016 ජනවාරි 01 වැනිදා වනතුරු අයිෆල් පරිශ්‍රයේ රැස්වීම්, උද්ඝෝෂණ, පෙළපාළි තහනම්ය. දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කර ඇත්තේය. අවුරුද්ද මුළුල්ලේ විවෘතව ඇති දරුවන්ගේ සිහින ලෝකය වූ පැරීසියේ ඩිස්නිලන්තය බදාදා දක්වා වසා දැමිණි.
සෙනසුරාදා රාත්‍රියේ ප්‍රංශයේ අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළ වාර්තාවේ ඉහත දෑ සඳහන් අතර මෙම ප්‍රහාරය සඳහා හත් දෙනකු කණ්ඩායම් තුනකට බෙදී සහභාගිවී ඇත්තේය. ස්ථාන තුනකදී ප්‍රහාර සිදුකර ඇත. හත් දෙනාම මිය ගොස් ඇති අතර ඔවුන් අතර තිබූ සිරියා ජාතික ගමන් බලපත්‍රයක් සොයා ගෙන ඇත.
ප්‍රංශ අගමැතිගේ ආසනය වන පැරීසියට නුදුරින් පිහිටි ඉව්රි කූකුරොන් ප්‍රදේශයේ පදිංචි උපතින් ඇල්ජීරියා ජාතික ඔමාර් ඉස්මයිල් පොලිසියේ ලේඛන ගත වයස 27ක තරුණයෙක්ද ඉහත කණ්ඩායමට අයත්වේ. ඔහුගේ පියා සහ සහෝදරයෝ තුන්දෙනෙක් ද සහෝදරියෝ දෙදෙනෙක් ද ප්‍රශ්න කිරීම් සදහා අත්අඩංගුවට ගනු ලැබූහ. තම පුතාගේ වික්‍රමය ගැන තමා සතුටු වන බව පියාගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇති බව ආරක්ෂක අංශ පවසයි.
පසුගිය දිනවල යුරෝපයට පැමිණි විදේශ සංක්රමනිකයන් සමඟ පැමිණි සිරියා ජාතිකයකුද ප්‍රහාරක කණ්ඩායමට අයත් බව ආරක්ෂක අංශ පවසයි. ඔහු ගී‍්‍රසිය ඔස්සේ යුරෝපයට පැමිණීමේදි ගී්රසි පොලිසිය විසින් ලබාගැනුණු ඇඟිලි සලකුණු මත ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ඇත්තේය. ප්‍රහාරක කණ්ඩායමට සම්බන්ධ නමුදු ප්‍රහාරයට එක්නොවූ දෙදෙනෙක් සෙනසුරාදා රාත්‍රියේ උතුරු ප්‍රංශ බෙල්ජියම් දේශ සීමාවේදි අත්අඩංගුවට ගනු ලැබූහ. පරීක්ෂණ තොරතුරු අනුව ඔවුන් ප්‍රහාරයට පසුබිම් පහසුකම් සපයා ඇත. බැටැක්ලොන් ශාලාව ඉදිරිපස අතහැර දැමු බෙල්ජියම් ලියාපදිංචි වාහනය මගින් ලබාගත් තොරතුරු මත හය දෙනෙක් බ්‍රසල්ස් හිදි බෙල්ජියම් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ප්‍රහාරයට යොදා ගත් යැයි සැක කරන වහානයක් පැරීසියට නුදුරින් මොන්ත්‍රොයිල් නම් ප්‍රදේශයෙන් පොලිසිය විසින් සොයා ගෙන ඇත. පැරීසියේ පාපන්දු ක්‍රීඩාංගණය අසල ප්‍රහාරයට පැමිණි තරුණයෙක් 1990 දි උපත ලැබු සිරියානුවෙකි. මොවුන් සියල්ලන් සිය දිවිනසා ගෙන ඇතත් පුපුරා ගොස් ඇත්තේ බෝම්බ දෙකක් පමණී. අයි.එස් අයි.එස් හා ඩේඒස් ඉස්ලාම් අන්තවාදි කණ්ඩායම් ගැන ප්‍රංශ ආරක්ෂක අංශ සැක කරමින් සිටී. මේ දක්වා ප්‍රහාරයේ වගකිව යුත්තෝ ගැන පැහැදිලි හා නිවැරදි තීරණයකට පැමිණ නැත. පාපන්දු තරගය නැරඹීමට පැමිණි ප්‍රංශ ජනාධිපති හෙලිකොප්ටරයකින් වහා ජනාධිපති මන්දිරයට රැගෙන යනු ලැබීය. ඉන් පැය තුනකට පසු ජනාධිපති, අගමැති, අභ්‍යන්තර ආරක්ෂක ඇමැති, කතානායක, පැරිස් නගරාධිපති හිඩල්ගෝ ඇතුළු නිලධාරීන් ප්‍රහාරයට හසුවූ බැටැක්ලොන් නාට්‍ය ශාලාව පිහිටි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණේය. ප්රංශුවා ඔලොන්ද් ජනපති වීමට පෙර ඉහත නාට්‍ය ශාලාවට බොහෝ විට පැමිණෙන නාට්‍ය රසිකයෙකි. සෙනසුරාදාා දහවල් ජනපති, අගමැති ඇතුළු ඇමැතිවරුන් හදිසි රැස්වීමක් ජනාධිපති මන්දිරයේ පවත්වා අනතුරුව ජනාධිපති ජාතිය අමතා හදිසි නීතිය පනවා ඇති බව ප්‍රකාශ කළේය.
‘අපි දන්නවා අපිට සතුරන් ඇති බව. අපිට කරදර කරන ඔවුන් විනාශ කර දැමීමට අපි පසුබට නොවෙමු.‘ ප්‍රංශ ජනතාව කලබල නොවී සුපරික්ෂාකාරීව බියෙන් තොරව ජීවත් වන්නැයි හේ ඉල්ලා සිටියේය. එදිනම සවස රූපවාහිනියෙන් අගමැතිද ජාතිය ඇමතීය. ‘ත්රස්තවාදීන්ට එරෙහිව අපි යුද වදිනවා‘ යැයි ඔහු කිවේය.
එසේ වුවද සැළසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණයත් නොවැම්බර් 30 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක රාජ්‍ය නායකයන් හමුවන කොප් 21 හෙවත් පරිසර දුෂණය වැලැක්වීමේ මහා සම්මේලනයද නියමිත පරිදි පැවැත්වෙන බව ද පැවසීය. ප්‍රංශයේ සියලූම ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් සමග ජනාධිපති සාකච්ඡාවක් ඇද (ඉරිදා) කැඳවීය. ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාව, බි්රතාන්යය, ජර්මනිය, ස්පාඤඤය, ඔස්ටේ්රලියාව, රුසියාව, කැනඩාව, සෞදි අරාබිය ඇතුළු බොහෝ රටවල රාජ්‍ය නායකයෝ කනගාටුව හා ප්‍රංශයට සහයෝගය පළ කළහ. ඔවුන්ගේ අගනගර වල ඵෙතිහාසික ස්ථාන ප්‍රංශ ධජයේ නිල් සුදු රතු වර්ණ වලින් වර්ණවත් කර තිබුණේය. විවිධ සාක්කි ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී. ත්‍රස්ත ප්‍රහාරයේ තත්වය එසේ වුවද උපරිම මාධ්‍ය නිදහසක් භාවිතා වන ප්‍රංශයේ මේ දක්වා එකදු මළ සිරුරක් හෝ රට වැසියා භීතියට පත් කරවන කිසිදු රූප රාමුවක් නොපෙන්වීමට තරම් ප්‍රංශයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් සැලකිලිමත්වී ඇති බවත් එය මාධ්‍ය ලෝකයට හොඳ ආදර්ශයක් ලබාදී ඇති බවත් කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කළත් මෙයින් අහිංසක ජීවිත කීයක් නැතිවුණාද? (නි)
ඉතා හොදින් ප්‍රන්ශය ඉල්ලන් කෑව. තව යුරෝපයේ අනික් රටවලුත් මුහුණදේවි මෙම අත්දැකීමට ඉතා ඉක්මනින්. සිරියාවේ සිට සංක්‍රමණය වුන උදවිය අතර දහස් ගණන් ත්රස්තයන් ඔවුන්ගේ ඉලක්ක කරා යුරෝපයට ලගා වෙන බව ඕනෑම කුඩා දරුවකුට වුනත් තේරෙන දෙයක්. (ර)
ස්තුතියි මුසෙන් , කිසිම දෙවි කෙනෙක් තව කෙනෙක් විනාශ කරන්න කියා නැති බව මම දන්නවා. නමුත් මේ ත්රස්තවාදීන් මිනිසුන් මරන්නේ දෙවියන්ගේ නම කියමින්. මෙය සමස්ත ඉස්ලාම් ආගමිකයන්ට කරන නිග්‍රහයක් හැටියටයි මම දකින්නේ.(ම)
කුමාරි, මෙතන ඉන්න අදහස් දාන කාගෙවත් ලනු කන්නේ නැතුව හරියටම වෙන්නේ මොනවද කියලා බලන්න. (ර)
අපේ යහ පාලනේ ත්‍රස්තවාදය හුරතල් කර කර අපිව බිල්ලට දෙනවා උන්ගෙ ඩබ වඩා ගන්න. මේ රටවල්වල් දැන් දකින සිද්ධි අපි අවුරුදු කීයක් තිස්සේ අත්දැකපු විදවපු සිද්ධින්ද. අද ඉන්න උන් මැරිල ඉපදිලා වගේ කථාව. ඒ මදිවට සිරකදවුරු වල ඉන්න උන්වත් නිදහස් කරන්න යනවා.(රේ)
මේ ප්‍රහාරය සිදු උනේ, මේ රටවල් මානව නිදහසට ගරු කර මැද පෙරදිගින් ආරම්භ වුන ත්‍රස්තවාදී හේතු නිසා යුරෝපයේ විවිධ රටවලට සංක්රමණයවුණු ජනතාවට දක්වපු කරුණාව අස්සෙන් ත්රස්තවාදීන් ද පැමිණීමට ඉඩක් ලැබුන නිසාය. යුරෝපයේ රටවල ජනතාව මේ මානව කරුණාව ගැන මීට වැඩ සැලකිලිමත් වීම වඩාත් අගනේය. (ස)
කුමාරි පරණවිතාන "ඉස්ලාම් ආගමිකයන්ට දෙවියන් මෙවන් කුරිරු දේවලට ඉඩදී ඇත්ද?මට විශාල ප්‍රහේලිකාවක්" කොහෙත්ම නෑ.... අහිංසක මිනිස්සු මරන්න කොහෙත්ම අවසර දීලා නෑ අනික ත්රස්තවාදීන්ට මොන ආගමක්ද? (බ)
ප්‍රංශයේ ලිහිල්වූ යම් දේශපාලනික ප්‍රතිපත්ති නිසා නොවේද මේ ව්‍යසනය සිදුවුණේ? (නි)
ඉතාම වේදනාකාරී මොහොතක්. අවුරුදු 30ක් නිදහස්ව ජීවත්වන මේ රට ගැන මට ඇත්තේ විශාල බැඳීමක්. ඉස්ලාම් ආගමිකයන්ට දෙවියන් මෙවන් කුරිරු දේවලට ඉඩදී ඇත්ද?මට විශාල ප්‍රෙෙහ්ලිකාවක්...(බ)
කොටි සංවිධානය සතුව තිබුණු සියලු අවි ආයුධ සම්පුර්ණයෙන් තවමත් සොයා ගෙන නැහැ..මේ නිදහස් වන ත්රස්තවාදීන්ට හෝ පුනුරුත්තාපනය කළයි කියන ත්රස්තවාදීන් කීප දෙනෙකුට මෙවැනි විනාශයක් ලිහිල් ආරක්ෂක රැකවරණ යටතේ මානව හිමිකම් කියන අට මගලෙන් අකර්මන්‍ය කරපු බුද්ධි අංශ වලට හොරෙන් යහපාලනයෙන් තටු ආපු දෙමල අන්තවාදී දේශපාලකයින්ගේ සහයෙන් කොළඹ නගරයට රිංගල බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. අතීතය වගේම අපේ අනාගතයත් දැන් අවිනිශ්චිතයි..ආයේ මේ රටේ බිහිවෙන ත්‍රස්තවාදය බිම් ප්‍රදේශ පාලනය කරන්න එන ත්රස්තවාදයක් නෙමෙයි..පලි ගැනීමේ අරමුණින් එන ත්රස්තවාදයක්.. ඒක ගොඩක් භයානකයි..(බ)