ප‍්‍රංශ ජනාධිපතිවරණය ඊයේ (22) ආරම්භ වූ අතර, වත්මන් ජනපති නිකලස් සාර්කෝසිට බලය අහිමි වී සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා ඕලන්ද් ජයග‍්‍රණය කරනු ඇතැයි අනාවැකි පළවී ඇත.
ඡුන්ද දායකයන් කෝටි 4.4 ක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටි අතර ජනපති සාර්කෝසිගේ පාලනය පිළිබඳ කලකිරී සිටි බොහෝ දෙනා කියා තිබුණේ තමන් ඔහුට විරුද්ධව ඡන්දය දෙන බව හෝ ඡුන්දය දීමෙන් වැළැකී සිටීමට තීරණය කළ බවය. මේ බව අනාවරණය වූයේ ජනපතිවරණයට පෙර පැවැති ජනමත සමීක්ෂණයකදීය.
මැතිවරණය ඊයේ උදෑසන 8 ට ආරම්භ වූ අතර පස්වරු 8 ට අවසන් වීමට නියමිතව තිබුණි. රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 85,000 ක් කි‍්‍රයාත්මක වූ බව ද වාර්තා විය.
බ‍්‍රසීලය, උරුගුවේ, ආජන්ටීනාව, ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය යන රටවල වාසය කරන ප‍්‍රංශ ජාතිකයන් ද අත්ලාන්තික්, පැසිෆික් සහ ඉන්දීය සාගර කලාපයේ ප‍්‍රංශ දුපත්වල වැසියන් ද සිය ඡුන්දය ප‍්‍රකාශ කළේ පෙරේදා (21) ය.
ජනපතිවරණය සඳහා අපේක්ෂකයෝ 10 දෙනෙක් ඉදිරිපත් වෙති.
ඒ අතරින් පෙරමුණ ගෙන සිටින්නේ වත්මන් ජනපති සාර්කෝසි සහ සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා ඕලන්ද්ය.
කරට කර සටනක යෙදී සිටින මොවුන් දෙදෙනගෙන් එක් අයකුට හෝ ප‍්‍රකාශිත ඡන්දවලින් සියයට 50 කට වඩා හිමිකර ගැනීමට නොහැකි වුවහොත් ඔවුන් දෙදෙනා අතරේ දෙවැනි වටයේ ඡන්දයක් ලබන මැයි මාසයේදී පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප‍්‍රංශ ජනපතිවරණය ඇරැඹේ: