IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


‘‘ප්‍රංශ ජනාධිපතිගේ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නා තුරු කිසිවක් සාකච්ඡා කරන්නේ නෑ‘‘

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් කර ඇති ප්‍රකාශ ඉල්ලා අස් කරගන්නා තුරු කිසිවක් සම්බන්ධයෙන් සාකච්ඡා නොකරන බව බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සොනාරෝ අද (28) පැවැසීය.

ඇමර්සන් වනාන්තරයේ ඇති වූ ගින්නත් සමඟ ජර්මනිය සහ ප්‍රංශය ලතින් ඇමෙරිකානු රටවල ස්වෛරීත්වය මිලදී ගැනීමට උත්සාහ කරන බව ද බ්‍රසීල ජනාධිපතිවරයා චෝදනා කළේය. 

ජී7 ලෝක නායක සමුළුව අවසානයේදී එම රටවල නායකයන් ඇමසන් වනයේ ඇති වී තිබෙන ගින්න නිවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් ලබාදීමට තීරණය කරන ලද අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව බ්‍රසීල ජනාධිපතිවරයා පැවැසීය.

එම මුදල් ප්‍රතික්ෂේප කරන බව ද බ්‍රසීල ජනාධිපතිවරයා එක් අවස්ථාවකදී පැවැසීය. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව හෙතෙම කීය. එසේ වුවත් තමන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ ප්‍රංශ ජනාධිපතිවරයා තමන්ට කර තිබෙන උපහාස ඉල්ලා අස් කරගතහොත් පමණක් යැයි බ්‍රසීල ජනාධිපතිවරයා අද (28) පැවැසීය. 

බ්‍රසීලය මුලදී විදෙස් ආධාර බාර නොගන්නා බව ප්‍රකාශ කළත් පසුව විදෙස් ආධාර බාර ගන්නා බව ප්‍රකාශ කළේය. එම විදෙස් ආධාර පාලනය කරන්නේ බ්‍රසීලය යන කොන්දේසිය මත මුදල් බාරගන්නා බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රසීල ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා කීය. 

“ප්‍රංශ ජනාධිපතිවරයා කරලා තියෙන ප්‍රකාශ ඉල්ලා අස් කරගන්න ඕනේ. එතකොට අපිට නැවත කතා කරන්න පුළුවන්” යැයි චිලී රාජ්‍යයේ ජනාධිපති සෙබස්තියන් පිනේරා සමඟ පැවැති සාකච්ඡාවලින් පසුව බ්‍රසීල ජනාධිපතිවරයා පැවැසීය.

“ජර්මනිය සහ විශේෂයෙන්ම ප්‍රංශය අපේ ස්වෛරීත්වය මිලදී ගන්න උත්සාහ කරනවා” යැයි ද බ්‍රසීල ජනාධිපතිවරයා පැවැසීය.
“ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් කියන්නේ අප මුදල ද ? අපට මිලක් නැහැ. මේ රටවල් අපට මිලක් නියම කරන්න මිලක් තීරණය කරන්න හදනවා. අපි මිලියන 20ක්වත් ට්‍රිලියන 20ක්වත් නෙමෙයි. ඒ කොහොම කළත් එකයි. අපි අපිමයි. මේ බ්‍රසීලය. මේ ලතින් ඇමෙරිකාව” යැයි ද හෙතෙම කීවේය. 

පසුගිය සතියේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සහ බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සොනාරෝ අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය. දේශගුණික විපර්යාස සහ යුරෝපා සංගම්-මර්කොසූර් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපතිවරයා තමන්ට බොරු කළේ යැයි ප්‍රංශ ජනාධිපතිවරයා චෝදනා කළේය. 

තම ආර්යාව වන මිචෙල් බොල්සොනාරෝ තරම් ප්‍රංශ ජනාධිපති ආර්යාව ආකර්ෂණීය නැතැයි පවසමින් ෆේස්බුක් හි පළ වූ ඡායාරූපයකට බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ ඔහුගේ කැමැත්ත පළ කර තිබුණේ යැයි ද ප්‍රංශ ජනාධිපතිවරයා චෝදනා කළේය. 

ප්‍රංශ ජනාධිපතිවරයා බ්‍රසීලය යටත් විජිතයක් කිසිවකුටත් අයිති නැති රටක් යනුවෙන් සලකන බව එල්ල වූ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් බ්‍රසීල ජනාධිපතිවරයා පැවැසීය. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (1)

‘‘ප්‍රංශ ජනාධිපතිගේ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නා තුරු කිසිවක් සාකච්ඡා කරන්නේ නෑ‘‘

රවින් Thursday, 29 August 2019 08:11 AM

බලනකොට ඇත්ත. බ්‍රසීලයේ ජනාධිපති කසාද බැඳලා තියෙන්නේ වයසට ගැලපෙන සුදුසු කෙනෙක්නේ... ප්‍රංශ ජනාධිපති? තම ගුරුවරිය සමග නේද විවාහ වුනේ? අපේ උදවිය වගේ සල්ලි වලට කෙළහලන කට්ටිය කොහෙවත් නැතිව ඇති. මුදලට තම රට විකුණන්නේ නැතිවග පැහැදිලිවම කියනවා. මුළු ලෝකයම අනුමත කළ යුතු ප්‍රතිපත්තියක්...

:       91       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 659 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site