IMG-LOGO

2024 ජුලි මස 22 වන සඳුදා


ප‍්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානය 35 වැනි වසර සමරයි


ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය ජුනි 17 වැනි දා  තම පෞඩ දිවියේ 35 වැනි වසරට පා තබයි. වසර 35ක් යනු දිගු කාලයකි. ඒ දිගු බව වඩාත් ගැඹුරු වෙන්නේ නොපුරුදු දේශයක සංකීර්ණ වාතාවරණයන් මැද්දේ, නොදන්නා භාෂාවක් ඇසුරු කරමින්, එකිනෙකට වෙනස් සංස්කෘතීන් දෙකක් සමඟ ගැටෙමින් ආපදා ව්‍යාධීන්ගෙන් තොරව ජීවිතය ජයගන්ට හැකිවීම හේතුවෙනි.

 
ඉතිහාස පොත්වල ලියා නොමැති මුත් 70 දශකයේ මුල් කාලයේ දී ශ‍්‍රී ලාංකිකයන් ප‍්‍රංශයට පා තැබීම ඇරැඹූ බව කියැවේ. ඉරාන ඉරාක යුද සමයේ මේ පැමිණීම වැඩිවුනෙලූ. ශ‍්‍රී ලාංකිකයින් විසින් ඇතිකර ගන්නා ලද බෞද්ධ සංගමය හැරුණු විට වෙනත් කිසිදු ආකාරයක සංගමයක් මේ අවධියේ නොතිබුණි. වඩාත් පුළුල්ව පැතිර ගිය සමාජයීය කාර්යයන් සඳහා කැපවන සංගමයක අවශ්‍යතාව වැඩියෙන් දැනෙන්නට වූයේ 1983 ජුලි ලංකාවේ සිදුවූ සිද්ධීන්වල උණුසුම පැරීසිය දක්වා පැතිරී එම හේතුවෙනි.

ආකාර කීපයකින් ම නැගී සිටින සංකීර්ණ තත්ත්වයන් හමුවේ වඩාත් සංවිධානාත්මක ලෙසින් ඒකරාශි වන්නට සිතූ අපේ උන් 1983 වසරේ ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා සංස්කෘතික සංවිධානයට මුල්ගල තැබූහ. එහි මුල්ම සභාපතිවරයා වූයේ ගරු පරවැහැර චන්දරතන හිමියෝය.  


ගෙවී ගිය දශක තුනකට වැඩි කාලයක් ගිය තැන අද ප‍්‍රංශයේ කැපී පෙනෙන ශ‍්‍රී ලාංකික සංවිධාන බොහොමයකි. ඒවායින් ඉටුවූ කාර්යය අතිමහත්ය. එමෙන් බිහිවී නොදිගු කාලයකින් කඩා වැටුණු සංගම් සංවිධාන ප‍්‍රමාණයද ඇති විශාලය. ඒ කෙසේ වෙතත් ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා සංස්කෘතික සංවිධානය ප‍්‍රංශයේ ශ‍්‍රී ලාංකික සමාජයට (සිංහල) වැදගත් වන්නේ සංගම්, සංවිධාන බිහි කිරීමේ හා ඒවායේ මනා පැවැත්ම සම්බන්ධයෙන් අගනා මඟ පෙන්වීමක් මේ සංගමය මගින් ලබා දුන් බැවිනි.  


අද බොහෝ දෙනා හඳුන්වන පරිදි ”සිංහල සංගමය එවක චන්ද්‍රා කොට්ටච්චි මහතාගේ යෝජනාවකට අනුව ”1984 වසරේ අපේ‍්‍රල් 29 වැනිදා මොන්ට්රියෙල්” ප‍්‍රදේශයේදී ප‍්‍රංශයේ ප‍්‍රථම බක්මහ උළෙල පැවැත්වූහ. එය ප‍්‍රංශයේ පමණක් නොව විදේශ ගතව සිටින ශ‍්‍රී ලාංකිකයන් එළිමහන් ක‍්‍රීඩාංගණයක දී පවත්වන ලද පළමු බක්මහ උළෙල ලෙස ඉතිහාසයට එක්වී ඇත.  


නොවැළැක්විය හැකි හේතූන් මත ඇතැම් වසරවල නොපැවැත්වුව ද වසර 30කට ආසන්න කාලයක් පුරා වසරකට වරක් වැඩිම ශ‍්‍රී ලාංකිකයන් ප‍්‍රමාණයක් එක් රොක්වන මේ උළෙල කරන්නට ඔවුන්ට හැකිවිය. වර්ෂ 1992 දී ආධුනික ගී ප‍්‍රසංගය ඔවුන් අතින් බිහිවිය.  


සිංහල සංගමයේ අනේක විධ කාර්යයන් අතරින් වඩාත් කැපීපෙනෙන්නේ මරණාධාර සමිතියයි. සමිතියේ සාමාජිකයන්ගේ පවුල්වල සිදුවන වියෝවීම් හමුවේ ආර්ථික වශයෙන් උපකාර කළ මේ පුණ්‍ය ක‍්‍රියාවලිය මගින් ආධාර ලැබූවන් අති විශාල බව කිව යුතුය.  


ප‍්‍රංශ රජය පිළිගත් මුල්ම සංවිධානය සිංහල සංගමයයි. කලින් කලට දහස් ගණන් සාමාජිකයන්ගෙන් ඔපවත්වුව, මේ සංගමයේ කාර්යයන් සුවිශේෂි වන්නේ එය ප‍්‍රංශයේ වාසය කරන ලාංකිකයන්ගේ හුදු සමාජීය සුභ සිද්ධිය උදෙසාම කැපවීමයි. බෞද්ධ විහාරස්ථාන ගොඩනැඟීමේ දී සංගමයෙන් ලැබුණේ අතිමහත් සහායකි. ප‍්‍රංශයේ වාසය කරන්නට උවමනා නීතිමය බලපත් ලබා ගැනීම වෙනුවෙන් අලූත පැමිණි ලාංකිකයන් සංගමයේ බලධාරීන් සොයා ගියහ. 


රජයේ පිළිගත් ආයතන සමඟ විශේෂයෙන් වෘත්තීය සමිති සමඟ සමීප සබඳතා ඔවුන් සතුවිය. එය වනාහි යම්කිසි ඉලක්කයක් සපුරා ගන්නට බිහිවී පැවැතුණු සංවිධානයක් නොවේ. විවිධ චරිත ඇත්තෝ, දේශපාලන මතිමතාන්තර දරන්නෝ එහි සාමාජිකත්වය, නිල තල දැරූහ. ඔවුන් අතර වාද විවාද ඇතැම් විටෙක සිත් අමනාපකම් ඇතිවූ බව රහසක් නොවේ. එහෙත් ඒ ශුන්‍ය සිත් රිදවිලිවලින් සංගමයේ අත්තිවාරම ඉරිතලා ගියේ නැත.  


ප‍්‍රංශය නම් වෙනස් තැනකි. එය අපේ මව්බිම නොවේ. ශ‍්‍රී ලාංකික අප එහි දෙවැනි ජාතිය බඳුය. සම අයිතිවාසිකම් ලැබුණ ද ගරු කළ යුතු නීති රීති සදාචාර ධර්ම ගණන ඇති විශාලය. සංවිධායක මඩුල්ල ශක්තිමත් නොවේ නම් රජයෙන් ලබාගත හැකි දේ ඇහිරී යයි. උත්සව සංවිධානයේදී ගරු කළ යුතු කොන්දේසි රාශියකි. අඳුර වැටුණු පසු සද්ද නොහැකිය. වෙලාවට ගරු කළ යුතුය.

  
සීමාසහිත නිදහසකින් ප‍්‍රයෝජන ගනිමින් උත්සව සංවිධානය කර පැමිණෙන්නෝ සියලූ දෙනා සතුටු කර ආදායම් උපයා ගනිමින්, ඒ ආදායම් සංගමයේ අනාගතය වෙනුවෙන් යොදා යනාදී සියක් කාරණා අපේ නොවන දේශයක දී අපහසු වඩා සංකීර්ණ කාර්යයන් බවට පත් වෙති. ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා සිංහල සංවිධානය සහ එහි නිලධරුවෝ වසර 35ක කාලයක් පුරා මුහුණ දුන්නේ මේ සංකීර්ණ වාතාවරණයටයි.  


35 වසර සමරණ මේ මොහොතේ මෙතෙක් සංගමයේ සිට මිය පරලොව ගිය සියලූම දෙනා සිහිපත් කර අද (17 දා) ඉරිදා ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී දානයමය පුණ්‍ය කර්මයක් සංවිධානය කර ඇත.  
 
 
මංජුල සේනාරත්න ප‍්‍රංශයේ සිට.



අදහස් (2)

ප‍්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානය 35 වැනි වසර සමරයි

ranasinghe Saturday, 16 June 2018 04:03 PM

ප‍්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානය කාලෙන් කාලෙට විවිධ සභාපතිවරු සහා නිලධාරීන් යටතේ ක්‍රියාත්මක වුවත්..එහි ස්වර්ණම යුගය සනිටුහන් කලේ පුෂ්පසිරි ද අල්විස් මහතා බව මගේ හැඟීමයි.වැඩි දෙනෙක් තමන්ගේ තනතුරු සහා පුද්ගලික වුමනාවන් සඳහා එම සංවිධානය යොදාගැනීම නිසා අන්තිම කාලය අවුරුදු දෙකක හෝ තුනක කාලය ඇඩ්රස් නැතිව යනඑනමං නැති තැනට පත්විය.ඒ සමග එම සංවිධානය තවදුරටත් රැකගැනීමේ අරමුණින් නව සභාපතිවරයෙක් යටතේ දැන් නැවතත් ක්‍රියාත්මකවී ඇති අතර ඔහුගේ පළමු උත්සාහය ප්‍රංශයට පැමිණි විවිධ රැකියාවල්වල නිරත වී සිටියදී ප්‍රංශ බිමේ මියගිය ශ්‍රීලාංකිකයන් සැමරීමයි.විශාල ශ්‍රීලාංකිකයන් පිරිසක් මේ කටයුත්තට ප්‍රසාදය දක්වන අතර ඔවුන්ගේම ද්‍රව්‍යමය වලින් දානමය පිංකමක් සහා සියලුම මියගිය ලාංකිකයන් උදෙසා පිං අනුමෝදනාවක් පැවැත්වේ. ප‍්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානට ජයවේවා..

:       0       1

pakeer Sunday, 17 June 2018 02:15 PM

ගිය විදිහට ඉන්න. මෝඩ වෙන්නේ නැතුව. මෙහෙ ඉන්න බැරුව ගිහින් දැන් මෙහෙ ඒවා එහෙත් කරන්න යනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ගෞරවණීය තීරණයක් - ඔබාමා
2024 ජුලි මස 22 214 0

ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට ජෝ බයිඩන් ගත් තීරණය ඉතාමත් ගෞරවණීය එකක් යැයි හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පෙන්වා දෙයි.


බයිඩන්ට වඩා කමලා හැරිස් පරාජය කිරීම පහසුයි - ට්‍රම්ප්
2024 ජුලි මස 22 2063 1

ජනාධිපති ජෝ බයිඩන්ට වඩා, කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්,


පක්ෂය සහ රට වෙනුවෙන් ගත් තීරණයක්
2024 ජුලි මස 22 1836 5

තමන් ජනාධිපති සටනින් ඉවත් වීමට තීරණය කළේ තම ඩිමොක්‍රටික් පක්ෂයේ යහපත වෙනුවෙන් සහ රටේ යහපත වෙනුවෙන් යැයි 81 හැවිරිදි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියයි.


ජනපති සටනින් බයිඩන් ඉවත් වෙයි
2024 ජුලි මස 22 4382 15

ඩිමොක්‍රටික් පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් තමන් නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත්, ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තමන් උප ජ


වෙඩික්කරු ළඟ කේට්ගේ විස්තර රැසක්
2024 ජුලි මස 20 504 0

හිටපු ඇමෙරිකන් ජනපති, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ තෝමස් මැතිව් කෲක්ස් නමැති තරුණයාගේ තවත් විස්තර අනාවරණය කර ගැන


බංග්ලාදේශයට ඇඳිරි නීතිය
2024 ජුලි මස 20 181 0

විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල සහාය ලබන බංග්ලාදේශ විශ්ව විද්‍යාල සිසුන් සහ පොලිසිය අතර ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 105 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් ම


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 170 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1070 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1928 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site