ඇමෙරිකාවේ යු එස් එස් ඇරිසෝනා අනුස්මරණ ශාලාව අසල මුහුදට (පර්ල් වරාය අසලට) හෙලිකොප්ටරයක් කඩා වැටි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි වීඩියෝ දර්ශනද අන්තර්ජාලයට එක් කර තිබේ.

තනි එන්ජිමක් සහිත මෙම හෙලිකොප්ටර් යානයේ එකම පවුලේ සිව් දෙනෙක් සමග පස් දෙනෙක්  ගමන්  කළහ.

ඔවුන් ප්‍රතිකාර සදහා හවායි හි පාලි මොමි වෛද්‍ය මධ්‍යස්ථානයට රැගෙන ගොස් ඇති අතර ඉන් 15 හැවිරිදි දරුවකුගේ තත්වය බරපතල බව සදහන්ය.  මෙම අනතුරට හේතුව නියමුවාට බලය හා සමබරතාවය අහිමි වීම බවට සැක කරයි.

ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය පරීක්ෂණ සිදු කරයි.

12767446_961991903894289_947598674_n