පුරුෂයන්ටම ගැලපෙන සබන් වර්ගයක් නිපදවීමට ඇමරිකාවේ නෙබ්‍රස්කා ප්‍රාන්ත වැසියෙක් සමත්ව තිබේ.

ඇඩම් ඇන්ඩර්සන් සිය නිවසේ භාවිතා කෙරෙන සබන් වර්ග වලින් නිකුත් වන සුගන්ධයන් කිසිසේත් රිස්සුවේ නැත. ඔහුට  ඒ සියල්ලන්ගෙන්ම නිකුත් වූයේ කාන්තාවන්ටම ගැලපෙන ආකාරයේ සෞම්‍ය සුවඳකි. මේ වෙනුවට සැර පරුෂ හා රළු පිරිමින්ට සුදුසුවන, ඔවුන් කැමති තාලයේ සුවදැති සබන් වර්ගයක් නිශ්පාදනයට පරීක්ෂණ අරඹන ඔහුට අවසානයේ දී පිරිමින්ටම ගැලපෙන සුවද නිකුත් කෙරෙනා සබන් වර්ගයක් නිපදවීමට හැකිව ඇත.

‘‘මෑන් හෑන්ඩ්ස්‘‘නම් වන මේ ‘‘පිරිමි‘‘සබන් කෝපි, පස්, වයින්, අලූත කැපූ තණකොළ, බේකන්, බීර යන සුවද වර්ගවලින් ලබා ගැනේ.

‘‘ඇයි හැම සබන් කැටයකම සුවද මල් වලට සීමා විය යුත්තේ?,ඉතින් මම කල්පනා කළා පිරිමින් ආස කරන සුවද වර්ග නිකුත් කරන සබන් වර්ගයක් නිපදවන්න. පරීක්ෂණ රැසක් කරල අන්තිමට ගැලපෙන සංයෝග හදාගන්න පුළුවන් වුණා. සුවද වර්ග හැටියට මම තෝරගත්තේ බීර වලින් නිකුත් වන ගන්ධය, වයින් වල ගන්ධය ආදී ඒවා. මොන පිරිමියත් එවැනි ගන්ධයන් ආඝ්‍රාණය කරන්න ආසයියැයි පවසන්නේ ඇඩම්ය.

දැනට නෙබ්‍රස්කා ප්‍රාන්තයේ වෙළදසල් වලින් පමණක් මේ සබන් වර්ගය මිලදී ගැනීමට හැකියාව පැවැතියද ඉදිරියේදී ඉල්ලූමට අනුව සැපැයුම වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ඇඩම් පවසයි. දැනටමත් තමන්ගේ මෙම සබන් වර්ගය ප්‍රදේශවාසී පුරුෂයින් අතර ඉහළ ජනප්‍රියතාවක් හිමිකරගෙන ඇතැයි ඔහු කියයි.