IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ප්‍රේමයත් බද්දට

තණිකඩ තරුණියන්ට මුහුණ දීමට සිදු වන යම් යම් අපහසුතාවලට විසදුමක් ලෙස චීනයේ ටවෝබවෝ නම් වෙළෙඳ වෙබ් අඩවියක් විසින් පෙම්වතුන් බද්දට ලබා ගත හැකි සේවාවක් ආරම්භ කර තිබේ.

පෙම්වතකු ලෙස පෙනී සිටිය හැකි සෑම තරුණයෙකුටම තම මිල දර්ශණය ඇතුලත්ව මෙම වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ හැක.

මේ අනුව තරුණියන්ට තමන්ට අවශ්‍ය පෙම්වතකු තෝරා ගෙන වෙබ් අඩවිය හරහා ඉල්ලූම් කළ හැක.

දිනයක් වෙන් කරවා ගෙන ඔහු හමුවී තමන්ට අවශ්‍ය සේවය පවසා මුදල් ගෙවීමට පෙර අවශ්‍ය නම් පෙර පුහුණුවක් ලබා දීමට දිනයක්ද තරුණියට ලබා ගත හැකිය.

එක් පෙම්වතෙක් බද්දට දෙන අවම කාලය දින 3කි. ඊට අමතරව ගත වන සෑම පැයක් සඳහාම යුවාන් 30ක් අය කෙරේ. ඒ දින 3 ඇතුළත රාති‍්‍ර භෝජනය තරුණිය විසින් සපයා සේවය සපයා ගැනීමට යුවාන් 50ක් අය කරයි. සාප්පු සවාරි යාමට යුවාන් 30ක් හා චිත‍්‍රපටියක් නැරඹීමට යුවාන් 50ක් වේ. එය ත‍්‍රාසජනක චිත‍්‍රපටයක් නම් මුදල දෙගුණ වේ. තොල් සිප ගැනීමට යුවාන් 50 කි. දෑත් පටලවා යාම, වෙන්වෙන විට නළලට හෝ කම්මුලට හාද්දක් දීම නොමිලේ ලබා ගත හැකිය.

මව්පියන් ගෙන එන යෝජනාවලට විරුද්ද වීම හා ඒවායින් බේරීමට, යහළුවන්, නෑදෑයින් ඉදිරියේ පෙම්වතකු ඇති බව ඇගවීමට, පෙම්වතෙකු නොමැතිව සහභාගි විය නොහැකි අවස්ථාවල් වලට, රාති‍්‍ර සාද සඳහා සහභාගි වීමට බොහෝ විට තරුණියන් පෙම්වතුන් බද්දට ගනු ලබයි.

මෙම සේවය චීනයේ ඉතා ජනපි‍්‍රය සේවයක් බවට පත් වී ඇත.

 



අදහස් (0)

ප්‍රේමයත් බද්දට

නිලුපුල් Thursday, 14 November 2013 06:50 AM

මේ පෙත්තා, ඔයා අර අහවල් පෙත්තාද ? (නි)

:       0       0

සංජු Saturday, 16 November 2013 03:58 PM

මම තීරණය කළා මගේ හාමිනේව බද්දට දෙන්න. ඕනෑ අය ඉන්නවා නම් කියන්න (නි)

:       0       0

ජනක Friday, 15 November 2013 08:59 AM

මේකට කියන්නේ ප්‍රේමය නෙමෙයි (නි)

:       0       0

චාර්ලිස් Friday, 15 November 2013 09:02 AM

ඇයි මේ වගේ හොඳ දේවල් අපේ රටෙත් පටන් ගන්න බැරි. (ස)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 15 November 2013 01:54 PM

මමත් ඉස්සෙල්ලම මගේ මහත්තයව ගත්තේ බද්දට, පස්සේ ගෙවපු යුවාන් සේරම එයාගෙන්ම ආපහු ගත්තා.(නදී)

:       0       0

පල්ලෙවෙල Friday, 15 November 2013 09:31 AM

චීනයට ගිය වෙලාවෙ මමත් ගත්තා, නියමයි. (ස)

:       0       0

නිමල් පෙරේරා Friday, 15 November 2013 02:07 PM

ලංකාවේ වෙන්නේ ඔකේ අනික් පැත්තනේ. (නදී)

:       0       0

මෙන්ඩිස් Wednesday, 13 November 2013 05:35 PM

චීනයේනේ ඉන්න තිබුනේ! (නි)

:       0       0

අජිත් Thursday, 14 November 2013 06:21 PM

ෂාහ්! මරුනේ. මමත් දැන්මම ඉල්ලුම් කරන්න ඕනෑ. ඒත් ඉතින් පොඩි බයකුත් තියෙනවා. මොකද අර ලෙඩ තියෙන කට්ටියද දන්නේ නැහැනේ. (නි)

:       0       0

චමිලා Wednesday, 13 November 2013 05:40 PM

අනේ ලංකාවෙත් මේ සේවය දෙන්න (නි)

:       0       0

ලලිත් Thursday, 14 November 2013 06:22 PM

ඔයවගේ වැඩ ලංකාවේ කරන්න නම් මන්ත්‍රී කෙනෙක් අල්ලගන්න වෙනවා. නැත්නම් හිරේ තමයි. පටන්ගත්තත් පහුවදාට හතු පිපෙන්න වගේ කට්ටියම ඒ ව්‍යපාරේම කරන්න යනවා. අන්තිමට එක් කෙනෙකුටවත් හරියට කරගන්න බැහැ. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 14 November 2013 08:18 AM

චීන්නුන්ට ගානක් ලැබෙනවා නම් මොනවද නොකරන්නේ. අනික අපි හැම දෙයක්ම දැන් කරන්නේ චීන විදියට නිසා වැඩිකල් නොගිහින් ඕවා මෙහෙදී බලා ගන්න පුළුවන්. (නි)

:       0       0

ලාල් කැන්ඩි Friday, 15 November 2013 02:25 PM

මේක මාර වැඩක්නේ මන් දැන් අදහස් පලවෙනකොට වෙනස් වෙනවා .ඉතින් මගේ නමින් ඔයාම අදහස් දාන්නකෝ ඉවරයිනේ වැඩේ.(නදී)

:       0       0

දී Friday, 15 November 2013 11:37 PM

පුදුම වැඩ(දී)

:       0       0

දෙනෙත් Friday, 15 November 2013 11:37 PM

බදු ගන්න තරම් වටිනවාද? (දී)

:       0       0

සාරධා Thursday, 14 November 2013 08:47 AM

බොහොම හොද ස්ව්‍යං රැකියාවක්. නියමයි ඔහොම යනකොට තව මොන මොන දේවල් කරයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

කල්පිය්ජ Friday, 15 November 2013 12:22 AM

මේකට අකමැති කව්රුවත්ම නෙතිදෝ (දී)

:       0       0

ආතා Wednesday, 13 November 2013 06:16 PM

වයසක මටත් පුලුවන්ද මේකට අයදුම් කරන්න ? (නි)

:       0       0

appu Saturday, 16 November 2013 12:34 AM

චීනා කොහාමත් බදු දීමට රුසිය .ඔය අපේ රටටත් නොයකුත් දේවල් බදු දෙනනේ . (දී)

:       0       0

අයි.කේ.එස්. චන්ද්‍රසිරි Thursday, 14 November 2013 09:54 AM

ලෝක විනාශය. (අසිනි වැස්ස) (ස)

:       0       0

ලංකා Thursday, 14 November 2013 12:46 AM

මරු මරු මරු.. දානවා මාත් දැන්ම එකක්.... (දී)

:       0       0

වන්නිගමගේ, රත්නපුර Friday, 15 November 2013 03:29 PM

තනිකඩ මට බද්දට හරි කමක් නෑ පෙම්වතෙක් වෙන්න ඇත්නම්. (ස)

:       0       0

කුමාර Thursday, 14 November 2013 01:24 AM

ලංකාවේ අය චීනේ බෞධ රටක් කියා උදම් අනනවානේ, මේ කරන්නේ සදා චාරය විනාශ කරන පව් කාර වැඩක්, ඉතින් ලංකාවේ බෞදයොත් එක උඩින්ම පිළිඅරන් කරුණු පළකිරීමෙන් පේන්නේ ඔව්න් තුල ඇති කාමුක පාපයේ සොභාවයය්. කුමාර්. (දී)

:       0       0

රොෂාන් Thursday, 14 November 2013 10:23 AM

පටිට පට පට යමු චීනෙට .... (ස)

:       0       0

මහේෂ් Friday, 15 November 2013 04:01 PM

ඔන්න කරනවා නම් වැඩ.... (ස)

:       0       0

සුභා Thursday, 14 November 2013 01:54 AM

බද්දට හෝ විකිනීමට වෙයි තව ටික දවසකින් (දී)

:       0       0

තුෂාර Thursday, 14 November 2013 01:54 AM

ඔය කතා හොදයි ක්පොන්ද බැදපු චිනන්ට (දී)

:       0       0

පෙත්තා Wednesday, 13 November 2013 07:42 PM

ආතෝ, ප්‍රශ්නයක් නැහැ. වැඩේ ෂුවර්.දාන්න..දාන්න.. (නි)

:       0       0

ලාල් Friday, 15 November 2013 03:44 AM

''රෝග මාරයාගෙනුත් ප්‍රවේශම් වන්න '' (නි)

:       0       0

රූමි Thursday, 14 November 2013 10:45 AM

මාත් මේ වැඩේට කැමති. හැබයි හාමිනේ ගෙන් තමා පුරස්නේ (ස)

:       0       0

අබ්දුල් Wednesday, 13 November 2013 07:46 PM

මමත් දැන්මම දානවා දැන්වීමක් (නි)

:       0       0

තාරක Friday, 15 November 2013 12:42 PM

චීනේ දේවල අගය, ගුණය අඩු උනාට, හැමදේම නරකම නැහැ නේද? (ස)

:       0       0

ලාල් - නුවර Thursday, 14 November 2013 04:47 PM

කුමාර් චිනේ බෞද්ධ රටක් තමයි හොඳ බෞද්ධයෝ වගේම ඒක හරියට තේරුම් ගන්න බැරි මේ වගේ හරකුත් ඉන්නවා. ඒකට මොකද කරන්නේ, ඒක කොයි ආගමට උනත් පොදුයි .. (ස)

:       0       0

ගාමිණී -සිරි Wednesday, 13 November 2013 08:46 PM

පටපිළි විකුණලා, දත් ගලවලා,ලෝකයේ සැරිසරපු චීන්නු හොඳ, හොඳ අලුත් සෙල්ලම් පෙන්නලා ලෝකයම ආක්‍රමනය කිරීමට උත්සාහ කිරීම එක්තරා අභියෝගයක් බලනකොට... (නි)

:       0       0

ග්‍රිෂාණි Friday, 15 November 2013 06:42 AM

චීනයේ සංස්කෘතිය බෞද්ධ. ඉතිහාසය බෞද්ධ. ඒත් දැන් ඉන්න තරුණ අය බොහෝ දෙනෙකුට ආගමක් නැහැ. ඒ අය ඇමරිකාවෙන් එන්ගලන්තෙන් එන සුද්දන්ට තමයි කැමති.බෞද්ධ ආගමට තරුණයන් ආකර්ශනය කිරීමේ වැඩපිළිවෙලක් නැහැ.ආගමික සංවිධානවලට ඉඩ දෙන්නේ නැහැ. ඇමරිකන් ක්‍රිස්තියානි අය ශිෂ්‍යත්ව ලබාගෙන ඇවිත් ඒ ආගම ඉතා සූක්ෂම විදිහට ප්‍රචාරය කරනවා. ලංකාවේ වගේමයි.ඉංග්‍රීසි උගැන්වීමට තමයි එන්නේ. විශ්ව විද්‍යාලවලත් මේ අය ඉන්නවා. ඒ අය රැකියාවක් කරන්නේ. ආගම ප්‍රචාරය කිරීම. චීනය බෞද්ධ කියන මිත්‍යාව තව බොහොම ටික කාලයයි. වයසක මිනිස්සු ටික මැරුණාම ඊළග පරම්පරාව තනිකරම ක්‍රිස්තියානි හරි කතොලික හරි වෙයි. (නි)

:       0       0

සජිත් Thursday, 14 November 2013 11:30 AM

දැනට තිබෙන බෞද්ධ රටවල් බුද්ධාගමෙන් එලියට ගිහිල්ලා ඇත්තටම සත්‍ය බුදු දහමක් ලංකාවේ තියා කිසිම තැනක දැන් නැහැ.(නදී)

:       0       0

ග්‍රෙනාඩ් Wednesday, 13 November 2013 04:31 PM

වාසනාවන්ත චීන කොල්ලෝ. (ස)

:       0       0

රන්දික රත්නායක Thursday, 14 November 2013 05:15 PM

මේකේ අනික් පැත්ත ලංකාවේ කරන්නකෝ (නි)

:       0       0

විපුල Thursday, 14 November 2013 09:54 PM

අපේ කොල්ලෙක් බදු ගත්තොත් , කෙල්ලවත් බදු දීල ඒවි.... (දී)

:       0       0

සහන Wednesday, 13 November 2013 09:47 PM

දැන් හැම දේම බද්දට තියෙනවානේ ........... (දී)

:       0       0

ජේන් Wednesday, 13 November 2013 04:48 PM

අනේ ලංකාවෙත් මේ සේවය දෙන්න කෝ. මරු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නෙදන්යාහු හිටපු ජනපති ට්‍රම්ප් හමුවෙයි
2024 ජුලි මස 27 15 0

ඇමෙරිකාවේ සංචාරයක යෙදෙන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ හිටපු ඇමෙරිකන් ජනාධිපති මෙන්ම, එලැඹෙන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකන්


යුක්රේනයට යන්න මෝදි සූදානම්
2024 ජුලි මස 27 20 0

යුක්රේනයේ, කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බව ඉන්දීය අග්‍රාමාත්‍


නෙදන්යාහු අවසන් වරට බයිඩන් හමුවෙයි
2024 ජුලි මස 26 153 0

වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි.


කමලා හැරිස්ගෙන් නෙදන්යාහුට තර්ජනයක්
2024 ජුලි මස 26 300 0

ඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී ඇමෙරිකන් උප ජනාධිපතිනිය, ඊශ්‍රායල


ට්‍රම්ප් කමලාට වඩා ඉදිරියෙන්
2024 ජුලි මස 26 207 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන අතර ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වන හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ වත්මන් උ


යතුරු පැදිකරුවෙක් මේරි කුමරිය හප්පලා
2024 ජුලි මස 26 3544 0

රාජකීය නිල සංචාරයක් සඳහා ග්‍රීන්ලන්තයට ගිය ඩෙන්මාර්කයේ මේරි කුමරිය විදුලි යතුරු පැදියක හැපීමෙන් අකරතැබ්බකට මුහුණ දුන්නාය. යතුරු පැදියේ හැපුණු 52 හැව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 176 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 222 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1167 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site