දකුණු අපි‍්‍රකානු කලාපයේ පළමුවරට ජනාධිපති ධූරයට කාන්තාවක් පත්වීමේ ගෞරවය හිමි කර ගනිමින් නව මලාවි ජනපතිනිය ලෙස කාන්තා කි‍්‍රයාකාරිනියක වූ ජොයිස් බණ්ඩා ඊයේ (08) දිවුරුම් දුන්නාය.
ඇය අධ්‍යාපනය සඳහා වරප‍්‍රසාද නොලත් දැරිවින් සම්බන්ධයෙන් කැපවී කි‍්‍රයා කළ අයෙකු ලෙස ලෝ පතළ අයෙකි.
ඉකුත් සිකුරාදා හෘදයාබාධයක් හේතුවෙන් අභාවප‍්‍රාප්ත වූ මලාවි ජනපති බින්ගු වා මුතරිකාගේ රජයේ අග‍්‍රාමාත්‍ය ධූරය හෙබවූයේද ඇයයි. එරට ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපති ධූරය හිස් වුවහොත් ඊළඟට ජනාධිපති ධූරය හිමි විය යුත්තේ එරට අගමැතිවරයා හටය. ඒ අනුව බණ්ඩා මලාවි රාජ්‍යයේ නව ජනාධිපති ධූරයට පත් වූවාය.
නව ජනපතිනිය දිවුරුම් දුන් අවස්ථාවේදී මුතරිකා වෙනුවෙන් ශෝකය පළකිරීමට එරට ජාතික ධජය අඩකුඹු කර තිබුණු බව වාර්තා වේ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd