යුරෝපයේ නැගෙනහිර කොටස ආක්‍රමණය කිරීම සඳහා සියවස් ගණනාවකට පෙර වර්තමාන ජර්මනියේ පවත්වාගෙන ගිය රෝම යුද හමුදා මධ්‍යස්ථානයක් සොයාගත හැකිවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. ඔවුන් පවසන්නේ මෙය දීර්ඝ කාලක් තිස්සේ සොයමින් සිටි ස්ථානයක් බවයි.
තුරින්ජියා හි හචිල්බිච් හමුදා කඳවුරු ලෙස හඳුන්වන මේ භූමියේ වර්ග මීට 180,000ක පවසරියේ අක්කර 18 ක තාවකාලික කඳවුරු භූමිය දැනට මැනුම් කටයුතු සිදුකැර තිබේ. එහි රෝම හමුදා සෙබළු නවාතැන් ගත් කුඩා නිවාස 5000ක් පමණ ඇතැයි ද පුරාවිද්‍යාඥයෝ සිතති.
මේ ස්ථානයේ තිබී රෝම සපත්තුවල අඩියේ තිබූ කොටස්, කඩු කොපු, පාන් පුලුස්සන පෝරණුවක අවශේෂ හමුවී ඇත. මේ කඳවුරු භූමිය ක්‍රිස්තු වර්ෂ පළමුවැනි හා දෙවැනි සියවස් වල දී පමණ පවත්වාගෙන යන්නට ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි.
කඳවුරේ කැණීම් ස්ථාන කිහිපක කරන කැණීම් වලින් නැගෙනහිර මායිමේ තිබූ දොරටුවක් ද මතුකරගෙන තිබේ. කඳවුර සොයාගත්තේ 2010 දී වුව ද එය නිශ්චිතව ම රෝම යුද කඳවුරක් බව ස්ථිර කැරගැනිමට කාලයක් ගත වූ බව ද පුරාවිද්‍යාඥයෝ කියති.
රෝම හමුදාව ජර්මන් හමුදාව සමග රයින් ගඟට උතුරු ප්‍රදේශයේදී ඇතිවු යුද්ධයෙන් ක්‍රිවර්ෂ නමයේ දී පරාජයට පත්වි ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේවාවිතාරණ මහත්තයෝ. රාවණාගේ දඬුමොඩරයේ සුක්කානමේ කැබැල්ලක් වාරියපොළ පරණ යකඩ කඩේක තිබිලා හොයා ගත්තා කියලා කියනවා නේද? (නදී)
ඉතා හොඳ සොයාගැනීමක්. අපෙන් සුභ පැතුම්! (නි)
ලංකාවේ කැනීම් වල ? (නදී)
අපේ යටගිය තාක්ෂනය කවුරුවත් හොයන්නේ නැත්තේ ඇයි (දී)
ජිම් පප්පටයි සූර පප්පටයි එහෙම කියන්න එපා! (ස)