IMG-LOGO

2023 සැප්තැම්බර් මස 30 වන සෙනසුරාදා


පරාජයෙන් පාඩම් ඉගෙන වැරැදි හදාගන්න කාලය ඇවිත් : සෝනියා ගාන්ධි කියයි

සිදුවූ වැරැදි සියල්ල නිවැරැදි කරන බවට, ප‍්‍රාන්ත සභා මැතිවරණයෙන් දරුණු පසුබෑමකට ලක් වූ ඉන්දියාවේ පාලක කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ඊයේ (8) රටට පොරොන්දුවක් දුන්නාය. ඉන්දියාවේ ප‍්‍රාන්ත පහක පැවැත් වුණු එම මැතිවරණයෙන් සෝනියාගේ කොංග‍්‍රසයට බලය තහවුරු කර ගැනීමට හැකි වූයේ මනිපූර් ප‍්‍රාන්තයේ පමණි. කොංග‍්‍රසයේ බල කඳවුරක්ව පැවැති ගෝව ප‍්‍රාන්තයේ බලය පවා මෙවර කොංග‍්‍රසයෙන් ගිලිහී ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘භාරතීය ජනතා පක්ෂය’ සතු විය. ”සෑම ප‍්‍රාන්තයකම ඡන්ද ප‍්‍රතිඵල අප අවධානයෙන් යුතුව විමසා බැලීමක් කළ යුතුයි. ඊට පස්සේ සිදුවූ වැරදි මොනවාදැයි සොයා බලා ඒවා නිවැරැදි කිරීමට පක්ෂයක් වශයෙන් එකමුතු විය යුතුයි. ශක්තිමත් විය යුතුයි. කළ වැරැදි සහ අප අතින් සිදුවූ වැරැදි යළි සිදු නොවීමට අප වගබලා ගත යුතුයි” කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි නවදිල්ලි නුවරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියාය. සෝනියා ගාන්ධි මාධ්‍ය හමුවකට සහභාගී වන්නී ඉතා කලාතුරකිනි. පසුගිය දා ඇය යළිත් වරක් වෛද්‍ය පරීක්ෂණයකට ඇමෙරිකාවට ගියාය. ඇය යළි ඉන්දියාවට පැමිණියේ මීට දින කිහිපයකට කලින්ය. ඇය පිළිකාවකින් පෙළෙන බවත් ඉකුත් වසරේ ද ඇමෙරිකාවට ගොස් සැත්කමකට භාජන වූ බවත් වාර්තා විය. එහෙත් ඒ බව නිල වශයෙන් තහවුරු වී නැත. පසුගියදා අවසන් වූ එම ප‍්‍රාන්ත සභා මැතිවරණයේ දී කාගේත් වැඩි උනන්දුවක් යොමු වූයේ ඉන්දියාවේ විශාලතම ප‍්‍රාන්තය ද වන උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයටය. එහි ඡන්ද සටන මෙහෙය වූයේ සෝනියා ගාන්ධිගේ පුතු මෙන්ම කොංග‍්‍රස් පක්ෂ මහ ලේකම්වරයා ද වන රාහුල් ගාන්ධිය. සෝනියා ගාන්ධි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්  



අදහස් (0)

පරාජයෙන් පාඩම් ඉගෙන වැරැදි හදාගන්න කාලය ඇවිත් : සෝනියා ගාන්ධි කියයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නිව්යෝක් යටවෙලා
2023 සැප්තැම්බර් මස 30 81 0

මහ වැසි හේතුවෙන් නිව්යෝක් නගරයේ ස්ථාන කීපයකට හදිසි ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය. මේ නිසා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද නිව්යෝක් නගර බලධාරීන් ප



8 වැනි මහද්වීපය සිතියම්ගත කෙරේ
2023 සැප්තැම්බර් මස 30 4822 2

පෘථිවියේ අටවැනි මහද්වීපය ’සීලන්ඩියා’ Zealandia බවත්, නවසීලන්තය මෙම මහද්වීපයට අයත් කොටසක් බවත්, භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති.


සජීවී ගුටි කෙළියක්
2023 සැප්තැම්බර් මස 30 4222 5

පාකිස්තානයේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක, දේශපාලන සංවාදාත්මක වැඩසටහනක් අතරතුරේ, සජීවී ගුටි කෙළියක් දැකගැනීමට නරඹන්නන්ට අවස්ථාව උදා විය.


පාකිස්තානයේ අගමික රැලියකට බෝම්බ ප්‍රහාරයක්
2023 සැප්තැම්බර් මස 29 138 0

පාකිස්තානයේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකක සිදුවුණු බෝම්බ පිපිරීම් දෙකකින්, පනස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 130 කි.


නෙදර්ලන්තයේ වෙඩි තැබීමකින් තුනක් මරුට
2023 සැප්තැම්බර් මස 29 110 0

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර සිදුවුණු තැබීම්වලින් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් දෙදෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. වෙඩි තැබීම කළේ 32 හැවිරිදි තරුණයෙ


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 2042 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 775 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site