IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පැය අටක් වැසිකිලියේ

කාන්තා විවේකාගාරයේ පැය 8ක් හිර වී සිටින්නට වූ කතක් ඇමරිකාවේ සිටියි. කරින් පෙරීන් නැමැති ඇය බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ජ්‍යෙෂ්ඨ සහකාරිනියක් ලෙස සේවය කරයි.

තම ප‍්‍රධානියාගේ පිටරට සංචාරයක් සැලසුම් කිරීම සඳහා ඇය සිකුරාදා දින රාති‍්‍ර 10 වන තෙක් කාර්යාලයේ රැදී සිටියහ. වැඩ නිමවී ස්වාමිපුරුෂයාට දුරකථන ඇමතුමක් දී ඇය මිනිත්තු 15 ක් ඇතුළත නිවසට යන බව කීවාය. බෑගය සූදානම් කර ගත්තත් ඇයට විවේකාගාරයට යාමට අවශ්‍ය විය. පසුව ජංගම දුරකථනයත් මේසය උඩ තබා ඇය එහි ගියාය.

තම කාර්යන් නිමවී දොර ඇරීමට තැත් කළත් ඇයට එය නොහැකි විය. දොර අගුළු වැටී තිබිණි. අසරණ වූ ඇයට කිසිවක් කර කියා ගත නොහැකි විය. මන්ද එවෙලෙහි කාර්යාලයේ කිසි කෙනෙක් නොසිටි හෙයිනි. දොරට වැරෙන් පහර දුන්නත් එය කැඞීමට නොහැකි විය.

පසුව ඇය කඩදාසි සළු 200 ක් පමණ දොර යටින් එළියට දැම්මේ එය ආරක්ෂක කැමරාවක සටහන් වී ආරක්ෂක භටයින් දකීනු යැයි සිතමිනි. එයිනුත් ඵලක් නොවුනු තැන ඇය පුටුවක් උඩ නැග සිවිලිම ගලවා බලද්දී එහි තිබී යකඩ පොල්ලක් හමු විය. එය රැුගෙන පැය 2 ක් පමණ බිත්තියට ගසා යන්තම් අත දාමා දොර ඇරිය හැකි පරිදි හිලක් සදා ගත්තා.

පැය 8 ක් පමණ විවේකාගාරයේ හිර වී සිටිමින් එළියට ඒම නපුරු සිහිනයකින් අවදිවූවා වැනි යැයි ඇය පැවසුවේ අඩමිනි.



අදහස් (0)

පැය අටක් වැසිකිලියේ

ලලිත් Sunday, 15 December 2013 12:41 PM

සෙනසුරාදාට ඇමරිකාවෙත් නිවාඩු දිනයක්ද? (නි)

:       0       0

ටෙරන්ස් Friday, 13 December 2013 05:37 PM

ඕක සාමාන්‍ය දෙයක්.(නදී)

:       0       0

ෂාන් Saturday, 14 December 2013 03:02 AM

සමහර කරකවන වැසිකිලි දොර ලොක් වල මේ ප්‍රශ්නය වන්න පුළුවන්.(නදී)

:       0       0

මංගල දිසානායක Saturday, 14 December 2013 06:51 PM

ඕක සුළු දෙයක්.(නදී)

:       0       0

කළණි Saturday, 14 December 2013 04:35 AM

ඉතින් අනේ එයාගේ මහත්තයා හොයලා නැද්ද මිනිත්තු 15න් එනවා කීව නෝනට මොකද උනේ කියලා පැය 8ක් යනකල්.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Friday, 13 December 2013 06:27 PM

පැය ගණනක් වැසිකිලියේ ඉන්නේ කව්ද? මොන රටේද..ඇමරිකාවේ..ඇමෙරිකාවේ..ලංකාවේ එහෙම වෙන්නේ නැ..(නදී)

:       0       0

ගුණරත්න-ඩුබායි Saturday, 14 December 2013 07:41 AM

වැසිකිලිවල පුටු තියෙන රටක් නම් මම දන්නේ නැහැ. දෙයියෝ සාක්කිම තමයි.(නදී)

:       0       0

සමදරා Saturday, 14 December 2013 09:07 AM

අපිව හිර කරන්න කවුරුත් නැද්දෝ ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 780 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site