උඩු මහලේ පිහිටි තම පෙම්වතියගේ කාමරයේ ජනේලය වෙත දොඹකරයකින් ළඟා වී ඇයගෙන් විවාහ වීමට කැමැත්ත ඉල්ලීමට ගිය නෙදර්ලන්තයේ පෙම්වතකුගේ සැළසුම දොඹකරය පෙරළීම නිසා කඩාකප්පල් විය.
පෙම්වතිය පදිංචිව සිටි මහල් නිවාසයේ වහළ කඩාගෙන දොඹකරය පෙරළී තිබෙන අතර සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.
දොඹකරය පෙරළෙන අවස්ථාවේ පෙම්වතා පෙම්ගී ගයමින් සිට ඇතැයි සඳහන්ය.සුන්බුන් අතර සිරව සිටි ඔහු නිරුපද්‍රිතව ගලවා ගැනීමට සහන සේවකයින්ට හැකිව තිබේ.
කෙසේවුවත් මේ පුවතට සතුටුදායක අවසානයක් ලබා දෙමින් පෙම්වතිය විවාහයට තම කැමැත්ත දී ඇත්තීය. නිවාස විනාශවූ අසල්වැසියන්ගේ කන්දොස්කිරියාවෙන් බේරීමට දෙදෙන පැරිසියට ‘පලා‘ ගොස්ය.



COMMENTS
අනේ කෝවිද ගුණසේකර මහත්තයා ..ඔයාට අමතකවෙලා වගේ ..මේ ඊ යේ ලංකාවේ අර දොබකරයත් තට්ටු දෙකේ ගොඩනැගිල්ලකට ඇද වැටුනා..ඇයි අනේ ඔයා ඒ හෙඩින් එකට ලස්සන ...වැකියක් නොලීවේ ...? (අ)
මම ඉන්නෙත් පැරිස් වල. අනේ මන්ද, මේ ඇහුවාමයි මෙහෙම දෙයක්. (ර)
මෝඩ පෙම්වතා දන්නෙ නෑහෑ දොඹකරේ පුලුවන් තරම් ඈත් කරන්න ඔනේ වග. (නදී)
මම හිතාගෙන හිටියේ පිස්සෝ ඉන්නේ මෙහේ විතරයි කියලා. බැලුවම ලෝකේ හැම තැනම පිස්සෝ ඉන්නවා.(හේ)
"සත්‍ය ප්‍රේමයේ බෘෘංග රාජයෙක්" (බ)
අනේ තවත් පෙම් මල් පිපියන්.(හේ)
මෛත්‍රී මහත්තයව මතක් වෙනවා..(බ)
අනේ ඒ කළේ මගේ ලඟත් දොඹකරයක් තිබුනා නම් අද එයා මා ගාව ! අපරාදේ දෛවය තමයි !!(හේ)
ඒ රටවලත් ඉන්නවා නේද අපි වගේ අය? (නි)
අන්න ආදරවන්තයෝ.(හේ)
දොඹ කරේ අස්සෙත් බන්දුල පෙරේරා දකින්නේ මෛත්‍රී මහත්තයව. නින්ද යන්නෙත් නැතුව ඇති. (නදී)
අපේ කට්ටියත් දැන් ඔය විදියට පෙම් කරන්න ගනීද දන්නේ නැහැ . (නි)
අනේ බන්දුල, ඔය මෛත්‍රී මහත්තයා 8 වෙනිදට දින්නට පස්සේ හැමදාම මතක් වේවි. (නදී)
දොඹකරයක් එදා මටත් තිබුණා නම් අද මම මෙහෙම සෞදියේ දුක්විඳින්නේ නැහැනේ (නි)
අර තරුණයාගේ හදවත ප්‍රේමයෙන් බර වෙන්න ඇති, ඒ බර දොම්බකරයේ දරාගැනීමේ සීමාව ඉක්මවා යන්න ඇති. (හේ)
බලන්න මේ දොඹකරය ඉස්සිලා තියෙන තරම. මේ තට්ටු දෙකේ ගොඩනැගිල්ලේ ජනේලයට තියෙන උස වැඩිම වුණොත් අඩි දහඅටක් ඇති. මේ දොඹකරයෙන් විශාල බරක් ඔසවා තියෙනවා. මිනිහෙක් ඉසිලුවාට මෙහෙම වෙන්න විදියක් නැහැ. අනිත් කොටසේ බර වැඩිකමට එන්ජිම කොටස තියෙන්නේ පොළවෙන් උඩට ඉසිලිලා. (නි)
දැන් තේරිලා ඇති ඕවාට දොඹකර දාගෙන නටන්න ඕනෑ නැති බව. (නි)
කලබලය නිසා සීමාවන් අමතකවෙලා තිබෙනවා (නි)
බොහෝ කෘරයි, අහෝ මගේ ප්‍රේමේ. දොඹකරය එදා තිබුනේ නැහැනේ. (නදී)
අනේ මටත් මෙහෙම පෙම්වතෙක් හිටියා නම්... (නි)
හොඳ වැඩක් (බ)
බොහොම පුදුමයි අහෝ මේ ලෝකේ.. ඇයි කැඩී ගියේ මේ වහලේ... අප හදෙහි නැඟුන පෙම කැඩී ගියේ නෑ... අප පළාගියේ පැරිසියටා....!!! (නි)
මටත් දොඹකරයක් තිබුනා නම් එක විකුණලා කාර් එකක් අරගෙන ගිහින් කෙල්ලව දැපනේ දාගන්න තිබුනා (නදී)