පැපුවා නිව්ගිනියාවේ ගම්මාන දෙකක් සම්පූර්ණයෙන්ම යට කරමින් සිදු වූ දරුණු නායයාමකින් පුද්ගලයන් හැටක් පමණ මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ඊයේ (25) පැවසීය.
දකුණුදිග පැපුවා නිව්ගිනියාවේ උස්බිම් පිහිටි ප‍්‍රදේශයක පෙරේදා(24) උදෑසන මෙම දරුණු නායයෑම සිදුවී ඇත. නායයෑමෙන් මියගිය පුද්ගලයන් හතළිස් දෙනකුගේ සිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර පුද්ගලයන් විසිදෙනකු අතුරුදන්ව ඇති බව සහන සේවකයෝ පැවසූහ.
‘නිවාස හතළිස් දෙකක් සම්පූර්ණයෙන්ම යට වී තිබෙනවා. මේ වන විට දිවි ගලවාගෙන ඇත්තේ පුද්ගලයන් කිහිපදෙනෙක් පමණයි. අනෙක් අය ව්‍යසනයට ගොදුරුවී තිබෙනවා.මියගිය පිරිස කොතෙක්දැයි තවමත් නිශ්චිතවම කියන්න බැහැ’ යනුවෙන් පැපුවා නිව්ගිනියා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මාර්ටින් මෝසි පැවැසීය.
අසල පිහිටි ස්වභාවික ගෑස් නිපදවන ඇමෙරිකානු තෙල් සමාගමක් ද නාය යෑම නිසා වසා දමා ඇති බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පැපුවා නිව්ගිනියාවේ නායයෑමක්