අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඓතිහාසික සංචාරයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වෙත යෑමට නියමිත බව වතිකානුව නිවේදනය කළේය.
අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ කතෝලික ප්‍රජාවගේ ආරාධනයකට අනුව පාප්තුමා පෙබරවාරි මස 03 සහ 05 දිනවල මෙම සංචාරයේ නිරතවේ.
ශුද්ධවූ පාප්වහන්සේ අන්තර් ආගමික සමුළුවකට ද එහිදී සහභාගීවීමට නියමිතය.
මෙම ගමන ‘සාමය සංචාරයේ’ තේමාව වන අතර ක්‍රිස්තියානි - මුස්ලිම් සංවාද සහ කලාපයේ සාමය පිළිබඳ අවධානය යොමු කරයි.
අතීතයේදී පොප් ෆ්‍රැන්සිස් ලෙබනන් හා ඊජිප්තුව වැනි අරාබි භාෂාව කතා කරන රටවල සංචාරය කර ඇති නමුත් ගල්ෆ් කලාපයේ සිදුකරන පළමු සංචාරය මෙය වේ.
(63226)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd