අභ්‍යාවකාශ යානයක යැයි සැක සහිත විශාල කොටසක් බ්‍රිතාන්‍යයට අයත් දූපතක් ආසන්න මුහුදේ පාවෙමින් තිබිය දී හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එහි ඇමෙරිකා ජාතික ධජය පැහැදිලිව දක්නට ලැබෙයි. මෙහි ෆැල්කන් -9 යන්න ද සටහන්ව ඇත. ෆැල්කන් - 9 යනු මිනිසුන් රහිතව ගුවන්ගත කිරීමෙන් ටික වේලාවකට පසු පුපුරා ගිය රොකට්ටුවකි. හමුවී ඇත්තේ එහි කොටසක් යැයි සැකයක් ඇත. ෆ්ලොරඩා හි කේප් තුඩුවෙන් අභ්‍යාවකාශගත කරන ලද මේ රොකට්ටුවේ කොටස් හමුවූයේ සිසිලි දූපත් ආසන්නයෙනි. එය බ්‍රිතාන්‍යයට නිරිත දිගින් පිහිටි කුඩා දූපත් සමූහයකි.

ෆැල්ගන් - 9 අභ්‍යාවකාශ ගත කිරීමෙන් පසු පිපිරී ගිය ස්ථානයට පහළ මුහුදේ සිට කිලෝ මිටර 6500ක් පමණ දුරින් මේ කොටස හමුවී ඇත. අඩි 33ක් දිගැති අඩි 13 පළලැති එම කොටස කවාටි බෙල්ලන් විසින් වසාගෙන සිටි බව ද නිරීක්ෂකයෝ පවසති.

මෙය සොයාගත් යාත්‍රාවේ කපිතාන් ජෝෂප් තෝමස් පවසන්නේ මෙය දුටු අවස්ථාවේ සිතුවේ එය මියගිය තල්මසකුගේ කොටසක් විය හැකි බවයි. ඒ මත මුහුදු පක්ෂීන් විශාල වශයෙන් වසා සිටි බව ද හෙතෙම පවසා ඇත.

ෆැල්කන් - 9 නමැති අභ්‍යාවකාශ යානය කේප් තුඩුවෙන් ගුවන්ගත වී මොහොතකින් පුපුරා ගියේය. එය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය ටොන් දෙකකට වැඩි භාණ්ඩ තොගයක් සහිතව අභ්‍යාවකාශ ගත කරන ලද්දේ පසුගිය ජුනි මාසයේ දි ය. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටි ගගනගාමීන් තිදෙනාට අවශ්‍ය කෑම බීම ද මේ යානයේ විය. ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යැවූ යානා අතරින් විනාශ වූ තුන්වැනි යානය මෙයයි.

හමුවූ යානා කොටස දැන් සිසිලි දූපත් සමූහයට අයත් ට්‍රෙස්කෝ දූපතට ගෙනවිත් එය නිශ්චිතව හදුනාගැනීමේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පර්යේෂකයෝ කියති.

151127133726-spacex-rocket-debris-tresco-2-medium-plus-169 CUwrgc7WoAA-qsm CUwrgVuWIAEwWA6 CUwrgYJXIAUDVHX