IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පිපිරීමකින් 15ක් මරුට


 
ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි පළාතේ සිදුවූ පිපිරීමකින් දරුවන් 15 දෙනකු මියගොස් තවත් 20 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.

පොලිසිය පවසන්නේ ගිලාන් දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම පිපිරීමට හේතුව පැහැදිලි නැති බවයි. රික්ෂෝ රථයක පිටුපස බෝම්බයක් පුපුරා ගිය බව නිලධාරීහු පවසති.

එම ගම්මානයේ ආගමික උත්සවයක් පැවති බවත් නිවසක් ආසන්නයේ පිපිරීම සිදුව ඇති බවත් ඔවුහු පවසති.

කෙසේවුවද ප්‍රදේශවාසීන් පවසන්නේ ළමුන් පිරිසක් යම් දෙයක් වෙළෙන්දෙකුට විකිණීමට සූදානම් වන අවස්ථාවේ එය පුපුරා ගිය බවයි.
 
මෙම පිපිරීම අහම්බෙන් සිදුවූවක් බව තලේබාන් සංවිධානය ද ප්‍රකාශ කර ඇත.
 
රික්ෂෝ රථයක් පදවාගෙන ගම්මානයට ඇතුළු වූ පුද්ගලයෙකු වටා ළමයින් එක්රැස්වූ බවත් ක්ෂණිකව පිපිරීමක් සිදුව ඇති බවත් ගාස්නි ආණ්ඩුකාර කාර්යාලය පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බවයි
 

 



අදහස් (0)

පිපිරීමකින් 15ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site