පාප් වහන්සේ නැවතත් සම්ප්‍රදාය වෙනස් කරමින් ජෝර්දාන රැජිනට ආචාර කරන ඡායාරූප පෙළක් ඩේලිමේල් වෙබ් අඩවියේ පළ කර ඇත.
ලොව කෝටි 120ක කතෝලික ජනතාවගේ නායකයා වන පාප් වහන්සේ වෙත එන අය එතුමාට හිස නමා ආචාර කිරීම සම්ප්‍රදායයි. පාප් වහන්සේ කිසිවකුටත් ආචාර කිරීමට හිස නොනමයි.

 ජෝර්දාන රැජින මුස්ලිම් ජාතික කාන්තාවක් වන අතර පාප් වහන්සේ මීට පෙරද ඉතාලි සිසුන් පිරිසක් සමඟ කුළුපගව සිටින ඡෘයාරූප පෙළක් ද වෙබ් අඩවි වාර්තා කර තිබුණි.

පාප් වහන්සේගේ ට්විටර් වෙබ් අඩවියේ යාවජීව සාමාජිකයින් සංඛ්‍යාව  තිස් ලක්ෂයකට ආසන්න බව පැවසේ. වාර්තා පවසන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නූතන සමජය හා නව තාක්ෂණය සමඟ ඉතා සමීපව කටයුතු කරන බවයි.