සෙම්ප්‍රතිශ්‍යාවක් නිසා තමා දකුණු රෝමයේදී පැවැත්වීමට නියමිතව තිබූ දින හයක ආගමික වැඩසටහන අවලංගු කරන බව අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ අද (1) ප්‍රකාශ කළහ.
‘‘අවාසනාවන්ත ලෙස මේ වසරේදී මට ඊට සහභාගී වෙන්න බැහැ. මට හෙම්බිරිස්සාවක් හැදිලා’’ යැයි 83 වන වියේ පසුවන පාප්තුමෝ කීහ.
පාප්තුමෝ සෑම ඉරිදාවකම ජනතාවට ආශීර්වාද කරන ඊට එක්වෙමින් තමන් තරමක අසනීප තත්ත්වයෙන් පසුවන්නේ යැයි කීහ. පාප්තුමා අවස්ථා කිහිපයකදීම කහිමින් කතා කළ බව ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර ඇත.
ඒ.එෆ්.පී.
(055)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වයිරසය ශරීරගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය සැක කරන්නේ... සෑමදෙයක්ම සිදුවන්නේ දේව කැමැත්ත අනුව නිසා වෛද්‍යවරුන්ටත් කරන්න දෙයක් නැහැනේ...
දෙවියන් වහන්සේට තමන්ගේ පෘතුවියේ නියෝජිතයින්වත් රැකගැනීමට නොහැකිද? සත්‍යය වැටහේවා...!!!