ශ්‍රී ලංකාවෙන් පසු සුදතුම් පියතුමන්ගේ ආගමනය සිදුවන පිලිපීනයේ මේ දිනවල වීදි දරුවන් කුදලාගෙන ගොස් ඔවුන් රැඳවුම් කදවුරු වල බලහත්කාරයෙන් රැඳවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

මෙහි අරමුණ පාප්වහන්සේ පැමිණීමට පෙර පිලිපීනය ‘පිරිසිදු‘කිරීම බව පැවසේ‍.

බළධාරීන්ගේ ගැහැට වලට වැඩි වශයෙන්ම මුහුණදීමට සිදුව ඇත්තේ පාප්වහන්සේ තම දේව මෙහෙය පැවැත්වීමට නියමිත මැනිලා නගරයේ වීදි දරුවන්ටය.අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ඔවුන් බොහෝ දෙනෙක් මේ වන විට විවිධ කඳවුරු වලට යොමු කරවා තිබෙන අතර පැනයාම වැළැක්වීමට ඇතැම් දරුවන් දම්වැල් වලින් ගැටගසා තැබීමටද පිලිපීන බළධාරීන් කටයුතු කර තිබේ

පිලිපීනය පාප්වහන්සේ පිළිගැනීමට අනිවාර්යයෙන්ම සූදානම් විය යුතු වුවත් එසේ සූදානම් වන්නේ යැයි කියා වීදි වල වෙසෙන දරුවන් මෙසේ සතුන් මෙන් කුදලාගෙන ගොස් කඳවුරු වලට දැමීම කිසිසේත්ම පිළිගත නොහැකි බව ළමා හා මානව හිමිකම් සංවිධාන ක්‍රියාධරයින් පවසයි.

මෙම ඇතැම් දරුවන් දෙතුන් වතාව මෙසේ රැදවුම් කඳවුරු වලට යොමුකරවා තිබෙන බව සඳහන්ය.ඔවුන් එක් තැනක රදවා තබා පසුව නිදහස් කරනවා හැරෙන්නට එම දරුවන්ව නිසි පරිදි පුනරුත්ථාපනය කිරීමට පිලිපීන රජය නිසි පියවර ගෙන නොමැති බවට දැඩි චෝදනාවක්ද නැගී තිබේ.

දරුවන් බොහෝමයකගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාම අයහපත්ය.දද හා කුෂ්ඨ වලින් ඔවුන්ගේ සිරුරු වැසී ඇත.එම දරුවන්ට ප්‍රතිකාර කිරීමට අන්තර්ජාතික සහන සේවා කණ්ඩායම් ඉදිරිපත්ව සිටීම අගය කළයුත්තකි.

අති උතුම් පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පිලිපීනයේ මෙම අඳුරු පැත්තද දැකබලා ගතයුතුව ඇතැයි එම කණ්ඩායම් වල අදහසයි.

ප්‍රධාන දේවමෙහෙය පැවැත්වෙන මැනිලා නගරයට ලක්ෂ 60 කට ආසන්න ජනතාවක් රැස්වනු ඇතැයි අපේකෂිතය.

24A2E8F200000578-2906730-PIX_for_Mail_Online_Exclusive_Street_Children_in_Manila_jailed_a-a-11_1421135531457 24A2F0AD00000578-2906730-image-a-20_1421087828166 24A2F0EB00000578-2906730-image-a-24_1421087934486 24A2F1D400000578-2906730-PIX_for_Mail_Online_Exclusive_Street_Children_in_Manila_jailed_a-a-12_1421135531472 24A2F7BF00000578-2906730-image-a-21_1421087850735 24A2F69000000578-2906730-PIX_for_Mail_Online_Exclusive_Street_Children_in_Manila_jailed_a-a-9_1421135531411