ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන් සිය බ‍්‍රසීල සංචාරය අවසන් කරමින් පෙරේදා (28) සවස පැවැත්වූ විශේෂ දේව මෙහෙය නැරැුඹීමට කෝටි 30 කට වැඩි පිරිසක් එරට රියෝ දි ජිනැයිරෝ නුවර කොපකබානා වෙරළට රැස්ව සිටියහ.
පාප්තුමන් බ‍්‍රසීලයේ සංචාරයකට පැමිණියේ බ‍්‍රසීල රජයේ ආරාධනාවක් පිළිගනිමිනි. ඒ, ඉකුත් සති අන්තයේය.
පාප්තුමන් පෙරේදා පැවැත්වූ දේව මෙහෙයට ලතින් ඇමෙරිකා රටවල රාජ්‍ය නායකයෝ ද එක් වූහ. ඒ අතර, පාප්තුමන්ගේ උපන් රට වන ආජන්ටිනාවේ ජනපතිනී කි‍්‍රස්ටිනා ෆර්නෑන්ඬේස් ද සිටියාය.
ආර්ථික අර්බුද හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් ව සිටින අවස්ථාවක පාප්තුමන්ගේ සංචාරය වෙනුවෙන් බ‍්‍රසීල රජය ලොකු මුදලක් වැය කිරීම බොහෝ දෙනකුගේ විරෝධයට ද හේතුවක් විය.
විරෝධතාකරුවෝ සියයකට වැඩි පිරිසක් බ‍්‍රසීල ජනපතිනී දිල්මා රූසෙෆ්ට විරෝධය පාමින් රියෝ දි ජිනැයිරෝ අගනුවර රැලියක් ද පැවැත්වූහ.

පාප්තුමන්ගේ දේව මෙහෙයට සහභාගී වූ මහා ජනකාය
 
ආශිර්වාද ලබමින්...