ඇමෙරිකාවත් කියුබාවත් අතර වසර 50 ක් තිස්සේ පළුදු වී පැවැති සබඳතා ශක්තිමත් කර ගැනීමේ පළමු පියවර ලෙස, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ කියුබා විදේශ ඇමැති බෘනෝ රොඩ්රීගේස් අතර විශේෂ හමුවක් අද (10) පැවැත්විණි.
මෙම හමුව පැවැත්වූයේ පැනමා රාජ්‍යයේ පැනමා නුවරදීය. පැනමා නුවර ඇමෙරිකා සහ ලතින් ඇමෙරිකා රටවල රාජ්‍ය නායක සමුළුව ඊයේ පැවැත්වුණු අතර, ජෝන් කෙරී සහ බෘෘනෝ රොඩ්රීගේස් හමුව පැවැත්වූයේ ඊට සමගාමීවය.
විදෙස් පුවත් සේවා වාර්තා කළේ සාකච්ඡා ඵලදායී වූ බවත්, දෙරට අතර නව මිතුදම් ආරම්භ කර ගැනීමට මඟ පෑදුණු බවත්ය.
ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයකු සහ කියුබා විදේශ ඇමැතිවරයකු අතර මෙවැනි සමුළුවක් මීට පෙර පැවැත් වූයේ 1985 දීය. එහෙත් එම සාකච්ඡා අසාර්ථක විය.
ඇමෙරිකා සහ ලතින් ඇමෙරිකා රටවල රාජ්‍ය නායක සමුළුවට ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා ද සහභාගී වෙයි. ඔබාමා පැනමා සංචාරයට එක් වූයේ ජැමෙයිකා සංචාරයකින් පසුවය.
පැනමා නුවරදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙටම වෙන්න ඕන මේකයි. හැමදෙනාම සහයෝගයෙන් ඉඳගෙන ත්‍රස්තවාදය මිහිතලයෙන් ඉවත් කරන්න ඕන.(බ)