පැනමාවේ සිට කොස්ටාරිකාවට අනවසරයෙන් ඇතුළුවීමට තැත් කළ ශී‍්‍ර ලංකා ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු 23 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව කොස්ටාරිකා පොලිසිය කියයි.
ඔවුන් කිසිදු අයෙකුට ගමන් බලපත‍්‍ර ආදී අනන්‍යතාව තහවුරු කෙරෙන ලියකියවිලි කිසිවක් තිබී නොමැත.
ශී‍්‍ර ලංකා ජාතිකයින් දෙදෙනා හැරෙන්නට ඝානා ජාතිකයෝ දෙදෙනෙක් හා නේපාල ජාතිකයෝ 19 දෙනෙක් කණ්ඩායමේ සිටියහ.
වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සදහා ඔවුන් සියලූදෙනා සංක‍්‍රමණිකයින් සදහා වන මධ්‍යස්ථානයක් කරා යවා තිබේ.
ගතවු මාස කිහිපය සැළකීමේදී කොස්ටාරිකාවට අනවසරයෙන් ඇතුල්වීමට තැත් කරන ආසියා සංක‍්‍රමණිකයින්ගේ ඉහළයෑමක් දක්නට ඇතැයි බළධාරීන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd