දකුණු අපි‍්‍රකාවේ මැගෙලිස්බර්ග් කඳුපන්තිය තරණය කරමින් සිටි කඳු නගින්නෙකු පය වාරු නැතිව පහළට ඇදවැටී ගල් දෙබුක්කාවක සිරවී සිටියේය. පාදයක් කපා ඔහු බේරා ගැනීමට සහන සේවකයින්ට සිදුවිය.
ටෙන්සොලෝ රසෙලෝ නම් වන මේ කඳු නගින්නා දෙබොක්කාවේ සිරවී දින දෙකකට ආසන්න කාලයක් ගතකර ඇතැයි සඳහන්ය.අනතුර සිදුවූ වහාම ඔහු තම ජංගම දුරකථනයෙන් සහන සේවකයින් අමතා ඇතත් රසෙලෝ සිරවී සිටි ස්ථානයට ඔවුන්ට ළගා වීමට හැකිව ඇත්තේ ඇමතුම ලැබී පැය 50 කට පමණ පසුවය.
රසෙලෝ නිරුපද්‍රිතව පිටතට ගත නොහැකිව සහන සේවකයෝ ලත වෙමින් සිටියදී රසෙලෝම ඉදිරිපත්ව තම කකුල කපා හෝ තමන් මෙතැනින් ඉවත් කරගෙන යන්නැයි ඉල්ලා සිටියේය.
දින දෙකක් තිස්සේ කෑමට හෝ බීමට කිසිත් නැතිව ඔහු සිට ඇත්තේ පීඩාවට පත්වය.
සහන සේවකයින් අතර සිටි ශල්‍ය වෛද්‍යවරයෙක් ඉදිරිපත්ව රසෙලෝගේ කකුල කැපීමේ සැත්කම සිදුකළේය.අනතුරුව රසෙලෝ හෙලිකොප්ටරයක නංවාගෙන ළගම පිහිටි රෝහල වෙත ගෙන යනු ලැබිණි.
රසෙලෝගේ කතාව 2003 වසරේ ඇමරිකාවේ ඌටා ප‍්‍රාන්තයේ කදු පන්තියක් තරණය කරමින් සිටියදී කදු පන්තියේ වූ ගැඹුරු පැල්මක් අතරට වැටී සිරවූ ඇරොන් රැල්ස්යොන්ගේ කතා පුවතට සමානය.
තමන් ගලවා ගැනීමට සහන සේවකයින් ඇමතීමට ඇරොන් අත දුරකථනයක් පවා නොතිබිණ.
අන්තිමේදී ඔහු සාක්කු පිහියකින් තම අතක් සිරුරින් වෙන් වෙන සේ කපා ගෙන නිදහස් වී පහළින් ගලා යන දිය දහරට ඇද වැටී දිවි ගලවා ගත්තේය.
ඔහු පැල්මේ සිරවී ගත කළ කාලය පැය 127 කට ආසන්නය.
මේ සිදුවීම චිත‍්‍රපටකටද නැගී තිබෙන අතර ‘‘127 අවර්ස්‘‘ (පැය 127 ක්)නම් වන එය ප‍්‍රකට සිනමා අධ්‍යක්ෂක ඬේවිඞ් ලින්ච්ගේ නිර්මාණයකි.
2025 නොවැම්බර් මස 21
171
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
240
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1113
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පාදයක් කපා කඳු නගින්නා බේරා ගනී
නිරංජන Tuesday, 30 September 2014 10:46 AM
මොකටද ඉතින් ඔය කඳු වල නගින්නේ. (ස)