IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෙත්ත බඩේ පින්තූර ගනී

ගිලිය හැකි පෙත්තක සවි කළ  කැමරාවකින් සිරුර අභ්‍යන්තරයේ ඡායාරූප ගත හැකි අලූත්ම ක්‍රමයක් බ්‍රිතාන්‍යය වෛද්‍ය පර්යේෂකයෝ හඳුන්වාදී දෙති.

‘පිල් කැම්‘ නම් වන මෙම පෙත්ත සාමාන්‍ය ඛෙහෙත් කරලක් තරමට විශාලය.එහි සූක්ෂම ලෙස රදවා ඇති කුඩා කැමරාවක් ඇත.

පෙත්ත ගිලීමත් සමග එහි ඇති කැමරාව කි්‍රයාත්මක වන අතර තත්පරයකට ඡායාරූප 18 ක් ගැනීමේ හැකියාවක් එයට ඇත.ආහාර මාර්ගය ඔස්සේ ගමන් කරමින් එය ඡායාරූපද ඒ හාම ගනී.

කැමරාවෙන් ගැනෙන ඡායාරූප එහි ඇති සම්ප්‍රේෂකයකින් සම්ප්‍රේෂණය කෙරෙන අතර ඒවා රෝගියාගේ බඩ මත බැද ඇති විශේෂ පටියකින් ලබාගැනේ.මෙම පටිය පරිගණක තිරයකට සවිකර තිඛෙන අතර තිරය මත ඡායාරූප  එකින් එක දිස්වේ.

වෛද්‍යවරුන් පවසන්නේ කැමරාවක් සවිකළ බටයක් ආධාරයෙන් මේ දක්වා සිදුකළ එන්ඩොස්කොපි පරීක්ෂාවන්ට වඩා මෙම ක්‍රමයෙන් වඩා පැහැදිලි ලෙස රෝගියෙකුගේ ආහාර මාර්ගයේ අභ්‍යන්තරය පරීක්ෂා කළ හැකිබවයි.

කැමරාවක් සවිකළ බටය කටින් හෝ ගුදයෙන් ඇතුල් කෙරෙනා සාම්ප්‍රදායික එන්ඩස්කෝප ක්‍රමයෙන් බඩවැල් ආදී ආහාර මාර්ග අභ්‍යන්තරයේම ඇති කොටස් වල ස්වභාවය නිරීක්ෂණය කළ නොහැකි වුවත් මෙම නව ක්‍රමයෙන් එවැනි ගැටලූවක් ඇති නොවන බව ඔවුන් කියයි.

දැනට බ්‍රිතාන්‍යයේ සීමිත රෝහල් සංඛ්‍යාවකින් මෙම ප්‍රතිකාරය ලබා දේ.

මෙම එක් පෙත්තක මිල පවුම් 500 ක් පමණ වේ.



අදහස් (0)

පෙත්ත බඩේ පින්තූර ගනී

රුහුණු Saturday, 09 August 2014 08:46 AM

ගාණ අහපුගමන් බඩ බුරුල්වුනාවගේ. (දී)

:       0       0

ගාමිණී - සිරි Friday, 08 August 2014 05:11 PM

ඉතාමත් වටිනා නව නිපැයුමක්. නව සොයාගැනීමක් හදිසියකදී ගුවනින් පවා ගෙන්වාගත හැකි සැහැල්ලු ඔෟෂධයක් වීම වඩාත්ම පහසු දෙයක් (නි)

:       0       1

නන්ද Saturday, 09 August 2014 12:43 AM

මට නම් මේක වසරේ හොඳම ආරංචියයි. (නි)

:       0       1

හේමන්ත Saturday, 09 August 2014 04:13 AM

එංගලන්තේ හදපු නිසා පවුම් 500. හෙට අනිද්දට චීනා පවුම් 20 කට හදල එවාවි. බය වෙන්න එපා. (නදී)

:       0       0

ශිෆ්රාන් Saturday, 09 August 2014 04:27 AM

මේක ඉස්සෙල්ලම හැදුවේ ජපන්නු (නදී)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Saturday, 09 August 2014 05:53 AM

සල්ලි තියෙන අයට පුලුවන් බැරි එකා වලපල්ලට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site