IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පිත්තාශයේ ගල්වලින් ලෝක වාර්තාවක්

ඉන්දියාවේ 51 හැවිරිදි කාන්තාවකගේ පිත්තාශයේ තිබී ගල් 11,950ක් ඉවත් කළ බව ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරයි. මෙය මිනිස් සිරුරක් අභ්‍යන්තරයේ තිබූ වැඩිම ගල් තොගයේ ලෝක වාර්තාව විය හැකි බව ද විචාරකයන්ගේ මතයයි.

මිනාති මොන්ඩාල් නැමැති කාන්තාව ඉවසිය නොහැකි බඩේ කැක්කුම හා පපුවේ දැවිල්ල යන රෝග ලක්ෂණ හේතුවෙන් සති දෙකකට පෙර ඉන්දියාවේ නැගෙනහිර පිහිටි බටහිර බෙන්ගාලයේ කල්කටාහි පුද්ගලික රෝහලකට ඇතුලත් වූළුාය.

වෛද්‍යවරු මේ කාන්තාව අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකට හා රසායනාගාර පරීක්ෂණ ගණනාවකට ලක් කිරිමේ දි පෙනී ගොස් ඇත්තේ ඇගේ පිත්තාශයේ ගල් සෑදී ඇති බවයි.

එම ගල් ඉවත් කිරිමට ශල්‍යකර්මයක් කළ අතර ඒ සදහා පැයක පමණ කාලයක් ගත වූ බව වෛද්‍යවරු කියති. ශල්‍ය කර්මයේ දි පිත්තාශයේ තිබී ගල් 11,950ක් ඉවත් කැර ඇත.

කොලෙස්ටරෝල් හා ලුණු එක් විමෙන් මෙලෙස පිත්තාශ ගල් සෑදෙයි. මේ ශල්‍යකර්මය කළ වෛද්‍ය මැකන් ලලා පවසන්නේ ස්කැන් පරීක්ෂණ සිදුකිරිමෙන් අනතුරුව තමන් සිතුවේ මේ කාන්තාවගේ පිත්තාශයේ ගල් 5000ක් පමණ තිබිය හැකි බවයි. නමුත් සියලු දෙනා පුදුමයට පත්කරමින් ඇගේ පිත්තාශයේ ගල් 12,000ට ආසන්න ප්‍ර‍මාණයක් තිබූ බව ඔහු කියයි. ශල්‍යකර්මය කර ඇත්තේ ලැපරොස්කොපි ක්‍ර‍මය භාවිතා කරමිනි.

woman suffeing 2 Woman suffering 1 - Copy Woman suffering 3



අදහස් (0)

පිත්තාශයේ ගල්වලින් ලෝක වාර්තාවක්

ඉනෝකා Saturday, 28 November 2015 08:39 PM

මිනිස් සිරුරක ගල් කිහිපයක් හෝ විශාල ප්‍රමාණයේ ගලක් දෙකක් දැක තිබුනාට මෙතරම් විශාල ගල් ගොඩක්.....? මේ දොස්තර මහත්මයාට ස්තුතිවන්ත වියයුතුයි මේ කාන්තාවගේ ජීවිතය බේරුවාට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 63 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site