පෘතුගාලයේ මැඩෙයිරා දූපත් හි ලැව් ගින්නක් හේතුවෙන් තිදෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
අගනුවර වන ෆුචාල් දක්වා ගින්න පැතිරගොස් ඇති අතර පිළිස්සුණු නිවාසවල තිබී වැඩිහිටියන් තිදෙනකුගේ මළ සිරුරු සොයාගෙන ඇතැයි කියති.
තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව ද එක් අයකු අතුරුදන්ව ඇති බවද දුම හේතුවෙන් හා සුළු පිළිස්සුම් හේතුවෙන් තවත් 300කට පමණ වෛද්‍ය ප්‍රතිකාර ලබාදී ඇති බවද එම ප්‍රදේශයේ බලධාරීහු කියති.
පවතින දැඩි උණුසුම් කාලගුණය හා සුළං හේතුවෙන් ගින්න පැතිර යන බවත් අවට තරු පහේ හෝටල් සහ දැවැන්ත නිවාස ගින්නට හසුව පිළිස්සී ගොස් ඇති බවත් වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd