පච්චා කෙටීම සදහා යොදාගන්නා තීන්ත වලින් පිළිකා ඇතිවීමේ අවදානමක් ඇතැයි බි‍්‍රතාන්‍යය විද්‍යාඥ පිරිසක් කියයි.
සිරුරට නැනෝ අංශු ප‍්‍රමාණයෙන් හෝ පච්චා කෙටීමේදී යොදාගන්නා තීන්ත ඇතුළු වීමේ අවදානමක් ඇති බවත් එම තීන්ත වල අඩංගු ඇතැම් සංයෝග පිළිකා කාරකයන් වන බවත් මෙම විද්‍යාඥයෝ කියති.
විශේෂයෙන් පච්චා වර්ණ ගැන්වීමට භාවිතා කරන රතු හා කොළ තීන්තවල අන්තර්ගත රසදිය හා කොබෝල්ට් වැනි සංයෝග පිළිකා කාරකයන් ලෙස ඔවුහු හදුන්වති.
සතුන් යොදාගෙන කළ පරීක්ෂණ වලදී පච්චා කෙටීමේදී යොදාගැනෙන ඇතැම් කළු තීන්ත වර්ගය සමේ පිළිකා තත්ත්වයන් ඇතිවන බව මිට පෙර සොයාගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ කළ යුතුව ඇතත් පච්චා කෙටීම යනු පිළිකා බලෙන් ආසාදනය කර ගැනීමට පාර කපා ගැනීමක් යැයි කිසිදු සැකයක් නොමැති බව මෙම විද්‍යාඥ පිරිසේ සාමාජික වන බි‍්‍රතාන්‍යයේ බ‍්‍රැඞ්ෆර්ඞ් සරසවියේ සම හා ඒ ආශ්‍රිත පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂක මහාචාර්ය ඩෙස්මන්ඩ් ටොබින් පවසයි.
දුම්වැටි හා මත්පැන් වලට කළාක් මෙන් ඉදිරියේදී පච්චා කෙටීමේදී භාවිතා කළ යුතු තීන්ත වර්ග වලටත් නීති හා රෙගුලාසි ගෙන ආ යුතුයැයි පරීක්ෂණය සිදුකළ විද්‍යාඥ පිරිසේ මතයයි.
2025 දෙසැම්බර් මස 04
301
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
417
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පච්චය පිළිකාවට අත වනයි
දුමින්ද Monday, 23 September 2013 09:36 PM
අනවශ්‍ය දේවල් කිරීමෙන් වැළකීම සෞඛ්‍යයට හොඳයි. (නි)
විෂ් Monday, 23 September 2013 10:12 PM
පච්ච කලාවට මොකද වෙන්නේ? (නි)
නිල්මිණි Monday, 23 September 2013 06:41 PM
ටිරෝන්, ඕක මකා ගන්නනම් ඇඟේ පාටට නැවත පච්චයක් කොටා ගන්න. (ස)
සමීර Monday, 23 September 2013 01:58 PM
බය හිතෙනවා. (ස)
රොෂාන් Tuesday, 24 September 2013 07:41 AM
අම්මෝ! මමත් පච්චයක් කොටන්නමයි හිටියේ (නි)
කරා Monday, 23 September 2013 07:06 PM
ටිරෝන්, ඔයාගේ පච්චය මකලා විතරක් මදි, මකලා හුරන්න ඕනෑ. (නි)
සිරි අයියා Tuesday, 24 September 2013 08:21 AM
විහින් කරගන්න දේවල්. (නි)
ටිරෝන් සෙනෙවිරත්න Monday, 23 September 2013 02:38 PM
අයියෝ මගේ පච්චය කොටා ගන්න ගිය සල්ලි මේක මකා ගන්නේ කොහොමද මන්දා (දී)