IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


පකිස්ථාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

පකිස්ථානයේ සෞඛ්‍ය අමාත්‍යවරයාට කොරෝනා රෝගය වැළදී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ බව අමාත්‍යවරයා අද (06) ප්‍රකාශ කර ඇති අතර වෛද්‍ය උපදෙස් අනුව නිවසේ  හුදකලාව සිටින බව සඳහන් කර ඇත.

තමාට ඇත්තේ සාමාන්‍ය රෝග ලක්ෂණ බවද ඔහු පවසා ඇත.

ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු විශේෂ නියෝජිත සල්මේ කලීල්සාඩ් හමුවී දින කිහිපයකට පසු පකිස්ථානයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුටම කොරෝනා ආසාදනය වී ඇති බව සොයාගනු ලැබිණ. ඒ අතර විදේශ අමාත්‍ය සා මෙහමූඩ් සහ ප්‍රවාහන අමාත්‍ය ෂෙයික් රෂීඩ් ද වෙයි.

පහළ පාර්ලිමේන්තුවේ කතානායක අසාද් කයිසර් මහතා ද කොරෝනා ආසාදනය වී ඇත.

පකිස්ථානයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 229,831ක් වාර්තා වී ඇති අතර මරණ 4,762ක් සිදුවී තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ දිනකට රෝගීන් 4,000ක් පමණ මේ වනවිටත් වාර්තා වන බවයි.

ලාහෝරයේ නැගෙනහිර වයිරසයෙන් වඩාත්ම පීඩාවට පත් කලාපයක් වන අතර එහි වෛද්‍යවරු 48 දෙනකු ඉල්ලා අස්වී තිබේ.

ඔවුන් පවසා ඇත්තේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වෛද්‍යවරුන්ගේ චිත්ත ධෛර්යය අඩුවී ඇති බවයි.

කෙසේවුවද පන්ජාබ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක සයිඩ් හමඩ් රාසා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ වෛද්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම කොරෝනා රෝගය හා සම්බන්ධතාවයක් නොමැති බවයි.

වෛද්‍යවරුන්ට ප්‍රමාණවත් ආරක්ෂක උපකරණ ඇති බවත් වසංගතය අතර තුර අමතර දීමනා ද ලබාගත් බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

පකිස්ථාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 36 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 999 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site