
පකිස්ථානයේ උතුරු දිග පෙෂවර් නගරයේ ආගමික පාසලක සිදුවූ බෝම්බ පිපිරීමකින් 07 දෙනකු මියගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ත් 30ක් අතර තරුණයින් පිරිසක් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම පාසලේ කුරානය උගන්වන පන්තියක සියදෙනෙකු පමණ අධ්‍යාපනය ලබමින් සිට ඇත.
පිටත සිටි පුද්ගලයෙකු පවසා ඇත්තේ පිපිරීමට සුළු මොහොතකට පෙර නාඳුනන පුද්ගලයෙකු පාර්ලයක් රැගෙන පාසලට ඇතුළුවනු දුටු බවයි.
මෙම පාසලට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණ පැහැදිලි නැතැයි පකිස්ථාන බලධාරීහු පවසති.මෙතෙක් කිසිවකු ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැති බවද ඔවුහු පවසති.
ඇෆ්ගනිස්ථාන දේශ සීමාව ආසන්නයේ පිහිටි පෙෂවර් නගරයේ පසුගිය වසර කිහිපයේ තලේබාන් ප්‍රචණ්ඩ ක්‍රියා ඉතා දරුණු ලෙස ඉහල ගියේය.
ප්‍රහාරය එල්ල වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසා ඇත්තේ වටිනා ජීවිත අහිමිවීම සම්බන්ධව තමා දැඩි ලෙස කනගාටු වන බවයි. ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බවත් ඒ පිටුපස සිටින පිරිස නීතිය හමුවට පමුණුවන බවත් ඔහු පවසා ඇත.
බීබීසී ඇසුරිණි
085
2025 සැප්තැම්බර් මස 11
700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
2025 සැප්තැම්බර් මස 11
212
0
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
2025 අගෝස්තු මස 30
862
0
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පකිස්ථානයේ පාසලක පිපිරීමකින් 7ක් මරුට