පකිස්ථානයේ පන්ජාබ් පළාතේ සාගෝදා නගරය ආසන්නයේ පිහිටි සුෆී සිද්ධස්ථානයකට වන්දනාමාන කිරීම සඳහා පැමිණි 20 දෙනකු පමණ ඝාතනය කර තවත් බොහෝ පිරිසකට තුවාල සිදු කර ඇතැයි වාර්තා වේ.
පොලිසීය පවසන්නේ සිද්ධස්ථානයේ භාරකරු සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුකර ඇති බවයි.
භාරකරු විසින් වරකට එක් අයකු බැගින් ඔහුගේ කාමරයට කැඳවා වස දැමූ ආහාර ලබාදී පසුව කඩු වලින් කොටා ඝාතන සිදුකර ඇත.
දිවි ගලවාගෙන පලාගිය කාන්තාවක විසින් අනතුරු ඇඟවීමේ සීනුව නාද කිරීම නිසා තවත් බොහෝ පිරිසකට මරණයෙන් ගැලවීමට හැකිවී ඇත.
සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකරු මානසික රෝගයකින් පෙළී ඇති බවපොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd