IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පාකිස්තාන මැතිවරණ කාර්යාලයකට එල්ල වූ ප‍්‍රහාරයකින් 8 දෙනෙක් මරුට

වයඹදිග පාකිස්තානයේ මැතිවරණ කාර්යාලයකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර දෙකකින් පුද්ගලයෝ 8 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 
ලබන මස 11 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහමැතිවරණයට අපේක්ෂකයන් සූදානම්වෙමින් සිටින මේ මොහොත වනවිට පාකිස්තානයේ ප‍්‍රචණ්ඩකි‍්‍රයා ඉහළ යමින් පවතී. 
මහමැතිවරණයට දින නියම කිරීමෙන් පසු මේ දක්වා  රට තුළ සිදුවූ ප‍්‍රචණ්ඩකි‍්‍රයාවලින් 50කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.
බෝම්බ ප‍්‍රහාරය එල්ල වූ මැතිවරණ කාර්යාලය පිහිටා තිබුණේ ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේය. මහමැතිවරණයට තරග කරන නූර් අක්බාර් ඛාන් නමැති ස්වාධීන අපේක්ෂකයකුගේ කාර්යාලයට එල්ල වූ මෙම ප‍්‍රහාරයෙන් 22ක් තුවාල ලැබූහ.
ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේදී පක්ෂ කි‍්‍රයාකාරීන් රැුසක් එම ස්ථානයේ සිටි බවත් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ බවත් කෝහට් පොලිස් ප‍්‍රකාශකයෙක් පැවැසීය.
ප‍්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය බාරගෙන ඇති බව පාකිස්තාන ආරක්ෂක අංශ පවසයි. 



අදහස් (0)

පාකිස්තාන මැතිවරණ කාර්යාලයකට එල්ල වූ ප‍්‍රහාරයකින් 8 දෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 143 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 762 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site