පාකිස්තානයේ අයි.එස්.අයි. බුද්ධි අංශයේ නව ප‍්‍රධානියා ලෙස ලූතිනන් ජනරාල් සහීරූල් ඉස්ලාම් පත් කිරීමට පාකිස්තාන රජය පෙරේදා (10) තීරණය කළේය. පාකිස්තාන බුද්ධි අංශයේ වත්මන් ප‍්‍රධානී ලූතිනන් ජනරාල් අහ්මද් ෂූජා පාෂා ලබන 18 වැනිදා විශ‍්‍රාම යෑමට නියමිත අතර සහීරූල් ඉස්ලාම් ඉන්පසු එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය. ඇෆ්ගන් සහ පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සමඟ සාම කතා පැවැත්වීමටත් අල් කයිඩාවට දිගින් දිගටම පීඩනයක් එල්ල කිරීමටත් සහීරූල් ඉස්ලාම්ගේ නායනකත්වය යටතේ අයි.එස්.අයි. බුද්ධි අංශයට හැකිවනු ඇතැයි පාකිස්තාන රජය පවසයි. අද සතුරන් වුවත් 1900 දශකයේ ඇෆ්ගන් තලේබාන් සටන්කාමී සංවිධානය පිහිටුවූයේ ද අයි.එස්.අයි. බුද්ධි අංශයයි. ඉස්ලාම්, 2008 වසරේ සිට 2010 තෙක් අයි.එස්.අයි. බුද්ධි අංශයේ නියෝජ්‍ය ප‍්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකි.
1
ක්‍රිකට් හදන වැඩේ කරන්න පුළුවන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි