ඊශ්‍රායලයට අරමුදල් සැපැයීම නවත්වන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව ද ට්‍රම්ප් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

"ඊශ්‍රායලයට ලබා දෙන මූල්‍ය ආධාර සම්බන්ධයෙන්, මා අග්‍රාමාත්‍ය නෙදන්යාහු සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඉන්පසු අප එකඟතාවක් ඇති කර ගත්තා. අප ඊශ්‍රායලයට වසරකට ඩොලර් බිලියන 4ක්  මුදල් ආධාර ලබා දෙනවා. මින් ඉදිරියට එසේ මුදල් ආධාර ලබා දීමක් සිදුවන්නේ නැහැ. ඒත් අවශ්‍ය ඕනෑම වේලාවක මූල්‍යමය වශයෙන් ද ඊශ්‍රායලයට උදවු කරන්න අප කැපවී සිටිනවා." යැයි ට්‍රම්ප් පැහැදිලි කර ඇත.