පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව ඇති දූෂණ නඩු විභාග යළි ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දීමට අපොහොසත් වීමත් සමඟ එරට නව අගමැති රාජා පර්වේස් අෂ්රාෆ්ට ඊයේ (26) යළිත් වරක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවිය.
ජනපති සර්දාරිට එරෙහිව ඇති දූෂණ නඩු විභාග යළි ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නව අගමැතිවරයාට නියෝග කළේ ඉකුත් ජූනි 19 වැනිදාය. ඒ සඳහා සති දෙකක කාලයක් ද ඔහුට ලබා දී තිබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ පෙනී සිටි අවස්ථාවේදී ජනපති සර්දාරිට එරෙහිව කටයුතු කිරීමට තවත් සති දෙකක කාලයක් අගමැති අෂ්රාෆ්ට ලැබිණි.
අෂ්රාෆ්ට එම අධිකරණ තීන්දුව කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වුණහොත් අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ ඊට වරදකරු වී ඔහුට පෙර අගමැතිධුරයේ සිටි යූසොෆ් රාසා ගිලානීට මෙන් අගමැති ධුරයට සමු දීමට මොහුට ද සිදුවෙයි.
නව අගමැති ලෙස දිවුරුම් දී පර්වේස් අෂ්රාෆ් වැඩ බාර ගත් දිනයේ සිටම ප‍්‍රමුඛ කාර්යය වූයේ ජනපති සර්දාරිට එරෙහිව නඩු විභාග ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දීම යැයි විනිසුරු අසීෆ් කෝෂා පැවැසීය.
ලබන මස 18 වැනිදා යළිත් වරක් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අගමැතිවරයාට නියෝග කෙරුණි.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
මෙහෙම උසාවි ලංකාවෙත් තිබ්බනම් ආස්චර්යය හීනය සැබෑ කරන එක ලේසියෙන්ම කරන්න තිබුණා...(නු)
ගල් එහෙම ගහන්න ඕනෑ නම් අපිට පුලවන් දෙන්න මිනිස්සුන්ව. (නි)
ලැජ්ජයි හොදේ
අයියෝ සල්ලි කියුවලු
ගැඹුරු සත්‍යය.... (නි)